Cinnamon Life Integrated Resort හි කාර්යාල අවකාශයන් තුළින් ව්‍යාපාර සඳහා නව මානයකට ළඟා වීමට සුවිශේෂී අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන Cinnamon Life හි වර්ග අඩි මිලියන 4.5 ක දැවැන්ත වපසරියකින් යුත් අසමසම වූ මහල් 30ක විසල් ගොඩනැගිලි සංකීර්ණය, ප්‍රමුඛ පෙළේ සමාගම් හි කාර්යාල අවකාශයන් සඳහා පිළිගත් ස්ථානයක වටිනාකම එක් කර දෙමින් ව්‍යාපාර නව මානයකට ඔසවා තැබීමට සුදානමින් සිටී.

Cinnamon Life ගොඩනැගිලි සංකීර්ණය, කොළඹ වාණිජ නගරය කේන්ද්‍ර කර ගනිමින්, කොළඹ වරාය නගරය සහ ප්‍රධාන මාර්ග සියල්ලට මැදිව උපායමාර්ගිකව පිහිටා ඇති අතර ඒ මගින් නව ආයතනික ප්‍රජාවන් එකාබද්ධ කරන ආකර්ෂණීය වූ උසස් මට්ටමේ ජීවන රටාවක් නිර්මාණය කර දේ. එමෙන්ම Cinnamon Life කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය වෙත පැමිණෙන ඔබට, ඒ හා සම්බන්ධ Cinnamon Life හෝටලය හා සාප්පු සංකීර්ණය ඇතුළු තවත් ස්ථාන වෙත පහසුවෙන් අවතීර්ණ වෙමින්, ආහාර පාන හා භෝජන කටයුතු සහ විනෝදාස්වාදය පිරි අත්දකීමක් ලබා ගැනීමට ද අවස්ථාව හිමිවේ.

Cinnamon Life ගොඩනැගිල්ල, කාර්යාල සඳහා වෙන් වූ මහල් 24 කින් සහ රථ වාහන ගාල් කිරීම සඳහා වෙන් වූ මහල් 5 කින් සමන්විත වේ. ඒ සෑම මහලකටම වර්ග අඩි 10,564 ක ඉඩ අවකාශයන් වෙන් කර ඇත. ඉතිරි ඉඩ අවකාශයන් සියල්ල විවිධ ව්‍යාපාරවල අවශ්‍යතාවයන් සඳහා නිසි පරිදි සැලසුම් කර ඇති අතර, එය මෙහෙයුම් සහ සංවර්ධන කටයුතු සඳහා සුදුසු වූ පසුබිමක් සලසා දෙනු ලබයි.

John Keells Properties හි දේපළ කළමනාකරණ ප්‍රධානී සහ John Keells Group හි උප සභාපති රුසිරු අබේසිංහ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පැවසීය. ‘’Cinnamon Life ගොඩනැගිලි සංකීර්ණය ප්‍රමුඛතාවය ලබා දී තිබෙන්නේ අනාගතය ඉලක්ක කර ගත් ව්‍යාපාර වෙතයි. එය ව්‍යාපාරයක පරිවර්තනීය වෙනසක් රැගත් උපායමාර්ගික ආයෝජනයක්. විශිෂ්ට පහසුකම් සහිතව කොළඹ නගර මධ්‍යයේ අද්විතීය වූ ස්ථානයක ඉදිවී ඇති Cinnamon Life ගොඩනැගිල්ල දියුණුවේ ඉහළම ස්ථානය කරා ගමන් කිරීමේ ඉලක්කය සහිත පිරිස් සඳහා හොඳම තේරීමක් වනු ඇත.”

බෙරේ වැව ඇතුළුව අවට නගරයේ දර්ශන පුළුල්ව පෙනෙන සේ චමත්කාරජනක නිමාවකින් යුත් පසුබිමක් නිර්මාණය කරමින් Cinnamon Life කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය ඉදිවී ඇත. එහි ඇති සුවිශේෂී වූ පහසුකම් අතරට ඉතා පහසුවෙන් සැපයුම ලබා දෙන N+1 අතිරික්ත බල සැපයුමක්, කාර්යාල සහිත මහල් සඳහා ප්‍රවේශ වීමට හැකි අධිවේගී මගී සෝපාන 8ක්, එක් එක් කාර්යාල මහල් සඳහා වෙන්වූ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන වලට අමතරව රථ ගාල් වෙත ප්‍රවේශ වීමට වෙන්වූ මගී සෝපාන 2ක් ඇතුළත් වේ. අනෙකුත් ප්‍රධානතම පහසුකම් අතරට මධ්‍යගත වූ වායු සමීකරණ පද්ධතියක්, ටෙලිකොම් සේවා සඳහා 5G තාක්ෂණික ෆයිබර් යටිතල පහසුකම්, ලොබි වෙත පිවිසුම් ප්‍රවේශයන්, ආරක්ෂාව සහිත වූ පිවිසුම්, පිළිගැනීමේ සහ ඉදිරිපස සේවා ප්‍රදේශ ඇතුළුව සියලු ස්ථාන පැය 24 පුරාම නිරීක්ෂණය කෙරෙන CCTV ආරක්ෂක නිරීක්ෂණ සේවා සැපයුම් ඇතුළත් වේ.

මේ වන විට Cinnamon Life කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයට HCL Technologies සහ Cinnamon Hotels & Resorts වැනි පිළිගත් ගැනුම්කරුවන් පැමිණ සිය ස්ථාපිතවීම් කර ඇත. ඉහළ පෙළේ දේශීය සහ විදේශීය ව්‍යාපාර මුල් කර ගනිමින් සංවර්ධනයට ලක් වන කොළඹ නගරයේ වාණිජ පරිසරය වෙත අවතීර්ණය වෙමින් Cinnamon Life හි සුවිශේෂී වූ ස්ථානීය වටිනාකම භාවිතා කිරීමට ව්‍යාපාරික ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

HCL Technologies Sri Lanka හි සහකාර මෙහෙයුම් අධ්‍යක්ෂ ඩිලාන් පෙරේරා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසිය. “තාක්ෂණික සමාගමක් ලෙස අපට නිවැරදි වූ යටිතල පහසුකම් සැපයීම ඉතාමත් වැදගත්. අපි ලෝකයේ රටවල් 50කට වැඩි සංඛ්‍යාවක මෙහෙයුම් ක්‍රියාත්මක කරන ඇමරිකානු ඩොලර් බිලියන 12.6 ක ආදායමක් උපයන ගෝලීය තොරතුරු තාක්ෂණ විසඳුම් සමාගමක්. අපගේ මෙහෙයුම් ව්‍යාප්තියේ සහ ඒකාබද්ධ කිරීම් කොටසක් ලෙස, අපි Cinnamon Life හි ගොඩනැගිල්ලේ කාර්යාල අවකාශය තුළ මහල් 10 ක් හිමිකර ගෙන තිබෙනවා. Cinnamon Life හි කාර්යාල අවකාශය අපගේ අපේක්ෂාවන් ඉක්මවා යවමින් අවශ්‍ය සබඳතා සහ පහසුකම් සපයා දී තිබෙනවා. නියමිත කාලසිමාවට අවකාශයන් සලසා දීම සහ ඔවුන්ගේ ජයග්‍රාහී සන්ධිස්ථාන තුළ අප හට පහසුවෙන් ක්‍රියාත්මක වීමට අවකාශය ලබා දෙමින් කැපවීමෙන් ක්‍රියා කරනු ලබන යටිතල පහසුකම් හවුල්කරුවෙකු සිටීම පිළිබඳව මම සතුටුවෙනවා. ඒ වගේම ඔවුන්ගේ සහයෝගය මම අගය කොට සලකනවා.’’

Cinnamon Hotels & Resorts හි ප්‍රධාන විධායක නිලධාරී මයිකල් ස්වෙන්සන් මහතා මෙසේ පැවසීය. ”Cinnamon Life Integrated Resort හි පිහිටි අපගේ කාර්යාලය කොළඹ සුන්දරත්වය සහ සහයෝගීතාවය බාධාවකින් තොරව එකට එක් කරමින් අපගේ මෙහෙයුම් හා සේවාවන් යලිත් අර්ථ ගන්වනු ඇත. නවෝත්පාදනයන් සහ අර්ථවත් සබඳතා දිරිමත් කිරීමට නම්‍යශීලී සහයෝගීතාවයන් සහ ජාලගත සේවා මධ්‍යස්ථාන නිර්මාණය කිරීම සඳහා විවෘත වූ පරිසරයක් සලසා දීම තුළින් මෙම වැඩබිම සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා යනු ලබනවා. කොළඹ අවකාශයේ දර්ශනීය වූ පසුබිමක් තුළ ඵලදායිතාවය එක් කරන වැඩබිමක් අපේක්ෂාවෙන් සිටින දේශීය හා විදේශීය ආයතන සාදරයෙන් පිළිගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.”

කොළඹ නගරය අභිමුව තම ව්‍යාපාරික හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට මෙම මහඟු අවස්ථාව මගින් ප්‍රයෝජන අත්කර ගන්නා ලෙස ව්‍යාපාරිකයින්හට Cinnamon Life Integrated Resort ආරාධනා කරයි.

Cinnamon Life Integrated Resort හි පවතින කාර්යාල අවකාශයන් පිළිබඳව විමසීමට 070 1 152 152 අංකය අමතන්න.