
ලොව පුරා රටවල් 25කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන ප්රමුඛ ඖෂධ සමාගමක් වන Getz Pharma හා ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් සහකරු වන “MyDoctor”, රෝගීන්ට සෞඛ්‍ය සේවා හා බෙහෙත් වට්ටෝරු සඳහා ප්‍රවේශය ලබාගත හැකි බවට සහතික කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුම්ගත වෙයි.
මෙමඟින් තත්‍ය කාලීන (real-time) වෛද්‍ය උපදෙස් ලබාගැනීමට MyDoctor වේදිකාව ඔස්සේ ප්රමුඛ වෛද්යවරුවන්ව රෝඟින්ට සමබන්ධ කිරීමේ අවස්ථාව Getz Pharma සමාගමට හිමිවන අතරම MyDoctor වේදිකාව ඔස්සේ රෝගීන්ට තම බෙහෙත් වට්ටෝරුව ගෙන්වා ගැනීමේ හැකියාවද මෙම සේවාව මඟින් සක්‍රීය වේ.
MyDoctor මඟින් රෝගීන්ට සතියේ දින 7ම, විසිහතර පැය පුරාම වේලාවන් වෙන්කර ගැනීමට හා ශ්‍රව්‍ය හෝ වීඩියෝ උපදේශන සේවාව හරහා ප්රමුඛ වෛද්‍ය විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගැනීමට ඉඩ සැලසේ. MyDoctor වේදිකාව සම්පූර්ණයෙන්ම සංකේතනය කර (encrypted) හා සෞඛ්‍ය ආරක්ෂණ සුවහය සහ වගවීමේ පනතට (Health Insurance Portability and Accountability Act) අනුකූල වීම මඟින් සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ට ඔවුන්ගේ රෝගීන්ගේ දත්ත සුරක්ෂිතව පවතින බවට සහතික විය හැකිය.
MyDoctor හි නිර්මාතෘ වෛද්‍ය හර්ෂ ජයකොඩි අදහස් දක්වමින් COVID-19 වෛරසයට නිරාවරණය වීම අප විසින් අවම කරගත යුතු කාලයක, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් සපයන්නා වශයෙන් අපි Getz Pharma සමාගම සමඟ හවුල් වීමට ලැබීම පිළිබඳ සතුටට පත්වනවා. මෙම වසංගත තත්ත්වය තුළ සෞඛ්‍ය හා ආරක්ෂාව සඳහා ප්‍රවේශය සහතික කිරීමට අපට එක්ව උදව් කරන්නට පුළුවන්. අවධානමට ලක්විය හැකි කණ්ඩායම් හා හුදකලාව සිටින පුද්ගලයින්ටද අපගේ සේවාව මඟින් ප්රතිලාභ හිමිවනවා’ යනුවෙන් පවසයි.
මේ සමගින් Getz Pharma, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට Telemedicine සේවා ව්‍යාප්ත කළ ශ්‍රී ලංකාවේ පළමු ඖෂධ සමාගම බවට පත්වනු ඇත. මෙම සමාගම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෘත්තිකයන් විශ්වාසය තබාඇති වෙළඳනාම නිෂ්පාදනය කර අළෙවි කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව සුදුසුකම් සපුරන ලද අති නවීන නිෂ්පාදන පරිශ්රයක මෙම සමාගමට අයත් නිෂ්පාදන සිදුකරනු ලබයි. Getz Pharma සමාගමේ නිෂ්පාදනාගාරය ඖෂධ පරීක්ෂාව සඳහා වූ සහයෝගිතා යෝජනා ක්රමයේ (PIC/S) සාමාජික රටක් විසින් ද සහතික කර ඇත.
Getz Pharma හි සාමාන්‍යාධිකාරී සමන් දිසානායක මහතා අදහස් දක්වමින් ‘දැඩි සමාජ දුරස්ථ මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් තම රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීමට වෛද්‍යවරුන්ට හැකිවීම අත්‍යවශ්‍ය කාරණාවක්. වසංගත තත්ත්වයේ බලපෑම නිසා මඟහැරුණු දැවැන්ත ප්‍රමාණයක වෛද්‍ය හමුවීම් හා පිළිවෙල මගහැරීම් නිසා රෝගීන් හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැනටමත් අභියෝගයකට ලක්ව තිබෙනවා. හදිසි නොවන වෛද්‍ය හමුවීම් අවලංගු කෙරෙමින් පැවතුනත් සමහර සංසිද්ධීන් තුළ මාර්ගෝපදේශයන්ට අනුගතවන තුරු බලා සිටීම අභියෝගයක්. MyDoctor සමඟ අපගේ හවුල්කාරිත්වය රෝගී සත්කාරයේ ගූණාත්මකභාවය සහ ප්‍රතිඵල මත අඩුවක් නොකර සෞඛ්‍ය සේවා හා බෙහෙත් වට්ටෝරු සැපයීමට ඉඩ සලසයි’

































