
වසර 135 ක කාලයක් තිස්සේ දිගුකල් පවතින ඇඳුමක විශ්වසනීය උරුමය තහවුරු කළ සන්ලයිට් එහි නවතම නිෂ්පාදන පෙළ වන ‘සන්ලයිට් කෙයා නැචුරල්ස් ’පසුගියදා වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී.
පොල් වතුර සහ කොහොඹ සාරය සමඟ ලැවෙන්ඩර් සුවඳින් මුසු වූ ස්වාභාවික සාරයන්ගෙන් අනූන නවතම රෙදි සේදුම් නිෂ්පාදන පෙළක් ඒ අනුව ඔබ වෙත තිලිණ කරනු ඇත. ‘සන්ලයිට් කෙයා නැචුරලස්’ සුපිරිසිදු ඇඳුමක් මෙන්ම ඊට සුමුදු බවක් ද, දීප්තිමත් පෙනුමක් ද, දිගු කාලීන පැවැත්මක් ද හිමි කර දෙනු ඇත.
රෙදි සෝදනු ලබන වාරයක් වාරයක් පාසා ඇඳුමට හානි වන අතර ඊට අඳු`රු සහ පැරණි පෙනුමක්ද එක් කරයි. ඊට විසඳුමක් ගෙන එන ‘සන්ලයිට් කෙයා නැචුරල්ස් ’නිෂ්පාදන පෙළ වෙළෙඳපොලට පැමිණෙන්නේ පොල් වතුර සහ කොහොඹ සාරය සමඟ ලැවැන්ඩර් සුවඳින් මුසුවෙමිනි. පොල්වතුර සාම්ප්‍රදායික කන්ඩිෂනර් ගුණයන්ගෙන් යුතු ශාක සාරයක් වන අතර කොහොඹ භාවිත කරනු ලබන්නේ සාම්ප්‍රදායික විශබීජ නාශකයක් ලෙසයි. ‘සන්ලයිට් කෙයා නැචුරල්ස්’හි අඩංගු මෙම සුවිශේෂී ස්වාභාවික සාරයන් සමඟ ඇඳුමේ තන්තුවල ගැඹුරටම ගමන් කොට එය සියුම්ව පිරිසිදු කරමින් ඇඳුම්වල දිගුකල් පවතින පෙනුමක් රැක දෙනුයේ ලැවෙන්ඩර් සුවඳින් සුවඳවත්ව සිතට සහනයක්ද එක් කර දෙමිනි.
සොබා දහම අපේ ජීවයයි. මුළු මහත් ලෝකයම අද එම ජීවය රැක ගැනීම වෙනුවෙන් පරිසර හිතකාමී ලෝකයක් නිර්මාණය කරමින් සිටිති. වත්මන් පාරිභෝගිකයන් ස්වාභාවික නිෂ්පාදකයන් කෙරෙහි උනන්දුවක් දක්වන්නේ එහෙයිනි. සාමාන්‍ය රෙදි සේදුම් කුඩු මෙන් නොව සබන්, ඩිටර්ජන්ට් කුඩු සහ ඩිටර්ජන්ට් දියර ලෙස ආකාර 3කින් හඳුන්වා දී ඇති ‘සන්ලයිට් කෙයා නැචුරල්ස්’ වෙතින් එම ස්වභාවික බව පාරිභෝගිකයන්ට විඳගත හැකිය. එපමණක් නොව සබන් කැටයක් රුපියල් 50/-කටද, කිලෝ ග්‍රෑම් 1ක ඩිටර්ජන්ඞ් කුඩු පැකට්ටුවක් රුපියල් 220/-කටද සහ ග්‍රෑම් 200 පැකට්ටුවක් සඳහා රුපියල් 50/-කටද වශයෙන් දැරිය හැකි මිලකට ලබා ගත හැකි ‘සන්ලයිට් කෙයා නැචුරල්ස්’හි දියර මිලිලීටර් 600ක් සඳහා වැයවන්නේ 195/-ක් පමණකි. දියර ලීටරයක් රුපියල් 325/-කට මිලදී ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයාට උදා කර දී ඇත.
බොහෝ නිවෙස්වල ගෘහණියන්ට වැඩි කාලයක් වැය වන්නේ රෙදි සේදීම වෙනුවෙනි. ’සන්ලයිට් කෙයා නැචුරල්ස්’රෙදි සේදුම් දියර ඉක්මණින් ජලයේ දියවෙන නිසා ඇඳුම් පහසුවෙන් සෝදා ගැනීමට හැකිවන අතර රෙදි සේදීම සඳහා ගත වන කාලයද අවම කරනු ලබයි. ඩිටර්ජන්ට් කුඩු භාවිත කිරීමේදී ඇති විය හැකි අපහසුතාවයන් ‘සන්ලයිට් කෙයා නැචුරල්ස්’ දියර භාවිතයෙන් විසඳා ගත හැකිය. 95%ක් පමණ ස්වාභාවික සංයෝගයන්ගෙන් සමන්විත වන ‘සන්ලයිට් කෙයා නැචුරල්ස්’ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඇසුරුමකින් පාරිභෝගිකයා වෙත ලබා දෙයි.
සන්ලයිට් කෙයා නැචුරලස් හඳුන්වාදීමේ අවස්ථාවට එක් වූ යුනිලිවර් ශ්‍රී ලංකාහි ගෘහ ආරක්ෂණ, ආහාර පාන සහ ජලය පිළිබඳ අලෙවි අධ්‍යක්ෂිකා ශර්මිලා බණ්ඩාර මහත්මිය සඳහන් කර සිටියේ “මීට වසර 135කට පමණ පෙර ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙනුවෙන් හඳුන්වා දුන් සන්ලයිට් දේශීය වටිනාකම් හා සංස්කෘතික උරුමයන් හඳුනාගත් ප්‍රමුඛතම ගෘහ ආශ්රිත සන්නාමයක් ලෙස සඳහන් කළ හැකියි. ඇඳුම්වල පමණක් නොව පාරිභෝගික හදවත් තුළද විශ්වසනීය සුරක්ෂිතතාව තහවුරු කරමින් ශක්තිමත් බැඳීම්හි වැදගත්කම හොඳින් අවබෝධ කරගෙන ඇති සන්ලයිට් වසර ගණනාවක් තිස්සේ එම පණිවිඩය රට පුරා ගෙන ගොස් තිබෙනවා. එහි දිනෙන් දින අලුත් වන හා සංවර්ධනය වන නොනවතින ගමනෙහි තවත් සුවිසල් පියවරක් ලෙස ‘සන්ලයිට් කෙයා නැචුරල්ස්’ නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි.” යනුවෙනි.

































