
අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩි කර තිබේ. එහි නව මිල රුපියල් 157කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23කින් වැඩි කර තිබේ. එහි නව මිල රුපියල් 184කි.
ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් වැඩි කර තිබේ. එහි නව මිල රුපියල් 111 කි.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් වැඩි කර තිබේ. එහි නව මිල රුපියල් 144 කි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7කින් වැඩි කර තිබේ. එහි නව මිල රුපියල් 77 කි.


































