
ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන ikman හි විවිධ භාණ්ඩ වර්ගීකරණය සඳහා අය කරන ලද ගාස්තු සංශෝධනය කර තිබේ. එමගින් භාණ්ඩ අලෙවිකරුවන්ට ආකර්ශනීය දිරිගැන්වීමක් ලබා දී ඇති බව සමාගම සඳහන් කරයි.
ගනුදෙනුකරුවන් වෙත භාණ්ඩ විකිණීමේ ක්‍රියාවලිය වේගවත් කරමින් එය දිරි ගැන්වීමත්, විකිනුම්කරුවන් වශයෙන් ikman වෙත ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගැනීමත් අරමුණු කර ගනිමින් කාර්, වැන්, බස්, ලොරි, බර යන්ත්‍රෝපකරණ, සහ ට්‍රැක්ටර් වල මිලියනයට අඩු වටිනාකමක් සහිත දැන්වීම් සඳහා වර්ගීකරණ ගාස්තු අය කරනු නොලැබේ.
මීට අමතරව, නිවාස, ඉඩම් සහ වාණිජ දේපළ වල රු. මිලියනයකට අඩු වටිනාකම් සහිත දැන්වීම් ද වර්ගීකරණ ගාස්තුවෙන් නිදහස් කර ඇති අතර මිලියන අටකට අඩු වටිනාකම් සහිත මහල් නිවාස දැන්වීම් කරුවන්ට ද වර්ගීකරණ ගාස්තු අය නොකරන බව සමාගම දැනුම් දෙයි.
එසේම තම නිවාස, ඉඩම්, වාණිජ දේපළ කුලී පදනම මත ලබා දීමේ දැන්වීම් ප්‍රචාරය කිරීමට කැමති පාරිභෝගිකයින්ගේ මාසික අයකිරීම රු. 10,000 කට අඩු දැන්වීම් සඳහා වර්ගීකරණ ගාස්තු අය නොකෙරෙන අතර මහල් නිවාස සඳහා ද මසක අය කිරීම රු.20,000ට අඩු දැන්වීම් සඳහා වර්ගීකරණ ගාස්තු අය නොකරන බව සමාගම සඳහන් කරයි.
එසේම ත්‍රිරෝද රථ සහ පාපැදි අලෙවිකරුවන් සඳහා වර්ගීකරණ ගාස්තු ලෙස මෙතෙක් අය කරන ලද රු. 1,200 ගාස්තුව රු. 900 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව අලෙවිකරුවන්ට වැඩි ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමටත්, නව පරිශීලකයින් ජාලය වෙත එකතු කර ගැනීමටත්, නිරන්තරයෙන් නව ගැනුම්කරුවන්ගේ පැමිණීම් අත් විඳීමටත් මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත.
”අපගේ විකුණුම්කරුවන්ට ඔවුන්ගේ ගනුදෙනු හරහා අපේක්ෂාකරන කරන සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සහය ලබා දීම කෙරෙහි අපගේ අවධානය යොමු වී තිබෙනවා. විවිධ කාණ්ඩ හරහා ලැයිස්තුගත කිරීමේ ගාස්තු අඩු කිරීම මගින් විකුණුම්කරුවන්ට ඔවුන්ගේ ලාභය වැඩි කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමත් බාධක ඉවත් කර දීමත් මගින් ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කරනවා.’’ යැයි ikman මෙහෙයුම් අධ්යක්ෂ ෂයිෆ් මොහොමඞ් මහතා සඳහන් කළේය.

































