නව මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට අගමැතිගෙන් උපදෙස්

පෑලියගොඩ නගරයේ ඉදිකරමින් පවතින නව තොග සහ සිල්ලර එළවළු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

කොළඹ නගරයේ තිබෙන තොග සහ සිල්ලර එළවළු වෙළඳ සැල් පෑලියගොඩ නගරයේ ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ඉකුත් මහින්ද රාජපක්‍ෂ රජය සමයේදී එවකට ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ආරම්භ කළේය.

ඉඩම් අක්කර 15 පුරා විහිදෙන මෙම වෙළඳ සංකීර්ණයේ මූලික සැලසුම් 2016 වසරේදී ආරම්භ කළ අතර එහි වෙළඳ සැල් 1142 ක් ස්ථාපිත කිරීමට නියමිත අතර රථගාලක් , විවේකාගාරයක්, වෛද්‍ය මධ්‍යස්ථාන, බැංකු හා ආපනශාලා ඇතුළු පහසුකම් රාශියකින් සමන්විත වේ.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණ ව්‍යාපෘතියේ සියළු ඉදිකිරීම් කටයුතු හා වාස්තු විද්‍යාත්මක නිර්මාණ මධ්‍යම උපදේශන කාර්යංශයේ ඉංජිනේරුවරුන් හා වාස්තු විද්‍යාඥයන් සිදුකරනු ලබයි.