“ද ෆිනෑන්ස් සමාගම” යලි සක්‍රීය කිරීමට පියවර

දැනට ගනුදෙනු නතර කර තිබෙන සී/ස ද ෆිනෑන්ස් සමාගම වැසීයාම වළක්වා එය යළි සක්‍රීය තත්වයට පත්කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

සී/ස ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්, සේවක සංගම් නියෝජිතයන් සහ තැන්පත්කරුවන් පිරිසක් සමඟ ඉකුත් දා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ කළේය.
 
සී/ස ද ෆිනෑන්ස් සමාගම යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය සැලසුම් මේ මාසයේ 30 වැනි දිනට පෙර ඉදිරිපත් කරන බවද එහිදී කබ්රාල් මහතා පැවැසීය .

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට සී/ස ද ෆිනෑන්ස් සමාගමට වාරණයක් පනවා තිබෙන අතර තැන්පත් බාරගැනීම හා තැන්පත් මුදල් ආපසු ගෙවීම එමගින් නතර කර තිබේ.

දිවයින පුරා ලක්ෂ 6ක පමණ තැන්පත්කරුවන් පිරිසක් සී/ ස ද ෆිනෑන්ස් සමාගමේ රුපියල් කෝටි 4ක පමණ මුදලක් තැන්පත් කර තිබේ .