මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

දැනට වී අස්වනු නෙළන මඩලකපුව, අම්පාර හා උතුරු පළාතේ දිස්ත්‍රික්කවල මිලදී ගැනීමේ මධ්‍යස්ථාන පළමුව ආරම්භ කරන බව වි අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේය .

වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගරයෙන් මුදා හැරෙන බව ද ඒ මහතා පැවැසීය .