කොරෝනා වෛරසයට එරෙහි සටනට යුවාන් ට්‍රිලියන 1.2 ක්

මාරාන්තික කොරෝනා වෛරසයට එරෙහිව කෙරෙන ජාතික සටනට සහාය දීමේ අරමුණින් ආර්ථිකයට යුවාන් ට්‍රිලියන 1.2ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 173ක) මුදලක් මුදාහරින බව චීන මහ බැංකුව නිවෙිදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

නව කොරෝනා වයිරසය චීන ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි දැනටමත් ඇස්තමේන්තු කර ඇත.

සාධාරණ සහ ප්‍රමාණවත් අයුරින් ද්‍රවශීලතාවක් පවත්වාගෙන යෑමටත් වසංගතය පැතිර යන සමයේදී මූල්‍ය වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යෑමත් අරමුණ කරගනිමින් මෙලෙස මුදල් මුදාහරින බව චීන මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.