ජී.එස්.පී. බදු සහනය බ්‍රිතාන්‍යයෙන් තවදුරටත්

සංක්‍රාන්ති කාල සීමාව ඉක්මවූ පසු යුරෝපා සංගමය සමඟ නව ගිවිසුමකට පැමිණිමට නොහැකි වුවහොත් ඇඟළුම් සඳහා ජී.එස්.පී බදු සහනය යටතේ මෙතෙක් ලබා දුන් සහන එලෙසම ලබාදීමට බ්‍රිතාන්‍ය රජය කැමැත්ත පළ කර තිබේ.

යුරෝපා සංගමයට අයත්ව තිබූ රටවල් 27 අතුරින් සියයට 40 ක ප්‍රමාණයක් මෙරට ඇඟළුම් අපනයනය කරනු ලැබුවේ බ්‍රිතාන්‍යයට බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහලේකම් එම්.පී.ටී. කුරේ සඳහන් පැවැසීය .

කෙසේ වෙතත් පසුගිය 31 වනදා එක්සත් රාජධානිය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වූ අතර, ඉන් අනතුරුව මාස 11 ක සංක්‍රාන්ති කාලයකට ඇතුළත් වෙයි.

එම කාලසීමාවේදී ජී.එස්.පී. බදු සහනය එලෙසම මෙරටට හිමිවන අතර, නොවැම්බර් 31 වනදායින් පසු බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය ගිවිසුමකට නොපැමිණියහොත් අදාළ සහනය එලෙසම ලබාදීමට යුරෝපා සංගමයේ අනෙක් රටවල් 26 ද කැමැත්ත පළ කර ඇති බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහ ලේකම් එම්.පී.ටී. කුරේ වැඩිදුරටත් පැවැසීය .