ජගත් පී. විජේවීර මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරයට

ශ්‍රි ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ ජගත් පී. විජේවීර මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත. 

ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු ලෙස පත්වීම් ලබමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජගත් පී විජේවීර මහතා වසර 35 ක් රාජ්‍ය පරිපාලනය පිළිබඳව අත්දැකිම් ලද අයෙකි.

සිය වෘත්තීය ජීවිතය තුළ විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු  ධුරයන් හොබවා ඇති ජගත් මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද සේවය කර ඇත.

නිතීය හා සාමය පිළිබද අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද සේවය කරමින් අත්දැකීම් පරිපූර්ණ වූ ජගත් මහතා ශ්‍රි ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද තම සේවය ලබාදී ඇත. 

ජගත් පී විජේවීර මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් ලලිත කලාව පිළිබදව ප්‍රථම උපාධිය හදාරා අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර අධ්‍යනය පිළිබද පශ්චාත් උපාධිය ලබා ඇත.