Tuesday, November 10, 2026

වංචාව යට ගසන්න සම්පත් බැංකු ලොක්කෝ කප්පම් දෙති

සම්පත් බැංකුවේ සක්විති වංචාව යටගසන ලෙස එම බැංකුවේ ලොක්කන් තමන්ට හිතවත් මාධ්‍ය ආයතන වල සිටින මාධ්‍යවේදීන්ට සහ වෙළෙඳ කළමනාකරුවන්ට දන්වා ඇතැයි වාර්තා වෙයි.

සිය තැන්පත්කරැවන්ගෙන් රැපියල් කෝටි ගණනක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ එම බැංකුවේ ඉහළ නිළධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් වීමත් සමගම කලබලයට පත් එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සදහා හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක්ද පවත්වා ඇතැයි වාර්තා වෙයි.

සම්පත් බැංකුවේ වංචාවට අදාලව දැනටමත් බැංකු කළමනාකරුවකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

එම සැකකාර බැංකු කළමනාකරුගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ කරැණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාලව තම සේවාදායකයා අත්අඩංගුවට ගත් රහස් පොලිසිය සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ ඇයිදැයි විමසා සිටියේය.

සම්පත් බැංකුවේ සිදුවු සක්විති වංචාව අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක් විසින් අනාවරණය කිරීමත් සමගම දැඩි තිගැස්මකට ලක්වු සම්පත් බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය ඇතැම් මාධ්‍ය ආයතන වලට සහ ඒවායේ වෙළෙඳ කළමනාකරුවන්ට සන්තෝෂම් වශයෙන් වැඩි වැඩියෙන් දැන්වීමි ලබාදී මෙම සිද්ධිය යටගසන ලෙස දැනුමී දී ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

ලෝක රන් සම්මාන ලාභී හෙළ ⁣⁣⁣⁣වෛද්‍යවරයකු වන කැලුම් වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් විමර්ශනයේදී රහස් පොලිසිය විසින් සම්පත් බැංකුවේ මහා පරිමාණ වංචාව පිළිබඳව හෙළිදරව් කරගෙන තිබුණි .

සම්පත් බැංකුවේ මේවන විට කළමනාකාර අධ්‍යක්ෂ ධූරය දරනු ලබන්නේ නන්ද ප්‍රනාන්දු මහතාය.
සම්පත් බැංකුවේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය මෙසේය.
මලික් රණසිංහ (සභාපති), නන්ද ප්‍රනාන්දු (කළමනාකාර අධ්‍යක්ෂ), සන්ජීව් සේනානායක, ධාරා විජේතිලක, අනිකා සේනානායක, රනිල් පතිරණ, රුෂන්ක සිල්වා, දිලිප් ද එස්. විජේරත්න, අරෝෂි නානායක්කාර, සංජීව වීරවර්ණ, ලසන්ත සේනාරත්න (සමාගම් කළමනාකරු), මුදිත වල්පොල (සමාගම් නියෝජ්‍ය ලේකම්)