හැටන් නැෂනල් බැංකුව Business Today ශ්‍රේණිගත කිරීම්වල පලමු ස්ථානය හිමිවේ

ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය උදෙසා සිය අද්විතීය කීර්තිනාමය තවදුරටත් තහවුරු කරමින් ගෞරවනීය බිස්නස් ටුඬේ සඟරාව මගින් ප‍්‍රකාශයට පත් කෙරෙන හොඳම සමාගම් 30 (Business Today Top 30)    අතර පළමු ස්ථානය දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකුව සමත් වී ඇත.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති 2020 ‘Business Today Top 30’ සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ අග‍්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා අතින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ සුප‍්‍රසිද්ධ හා ගෞරවනීය නායකයින් ඉදිරියේ මෙම සම්මානය HNB සභාපති දිනේෂ් වීරක්කොඩි HNB කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් යන මහත්වරුන් වෙත ප‍්‍රදානය කරන ලදී.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, HNB සභාපති, දිනේෂ් වීරක්කොඩි සහ HNB කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් යන මහත්වරුන් HNB ආයතනික කළමනාකරණ කණ්ඩායම සමඟ

‘‘බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත් වීම ගැන අප දෙදෙනාම නිහතමානීව සතුටු වෙනවා. මුලින්ම, පළමු ස්ථානය දිනා ගැනීමට අප පැමිණි විශිෂ්ට ගමන්මග ශක්තිමත් කිරීමට දායක වුනු සමස්ත HNB කණ්ඩායමට මගේ හෘදයාංගම කෘතඥතාව මෙහිදී පළකරන්න කැමතියි. වසර 130ක් පුරාවටම අපි, ජාතික මට්ටමේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට සැලකිය යුතු දායකත්වයත් සපයන අතරම ශ්‍රී ලංකාවේ සෑම තරාතිරකම පුද්ගලයෙකුටම ඔවුන්ගේ අපේක්ෂාවන් පසුපස හඹා යාමට සහයෝගය දක්වා තිබෙනවා.

‘‘මෙම වසරේ ශ්‍රේණිගත කිරීම්වලින් අපගේ ස්ථාවරය පැහැදිලිවම පෙන්නුම් කරන අතර එය HNB හි යන පරිවර්තනීය ගමන තවදුරටත් සනාථ කරන්නකි. අපගේ ජාතියද එක්තරා සන්ධිස්ථානයකට පැමිණ ඇති අතර රටේ සෑම ප‍්‍රදේශයකම තිරසාර සංවර්ධනය සහ සෞභාග්‍ය ව්‍යාප්ත කිරීමේ අපගේ මෙහෙයුම ප‍්‍රශස්ත ලෙසින් ක‍්‍රියාත්මක වන බවට මෙය සාක්ෂි දරන අතර මෙම සමාජ කර්තව්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා සැබෑ ප‍්‍රගතියේ සහකරුවෙකු ලෙස සේවය කිරීමට HNB සම්පූර්ණයෙන්ම කැප වී සිටිනවා,’’ යනුවෙන් අලස් මහතා පැවසුවේය.

මේ වසරේ සම්මාන උළෙලේ දී හැටන් නැෂනල් බැංකුවේ මෙම ජයග‍්‍රහණය 1997 වසරේ සිට බැංකුව Biz Today Top 30 අතර පළමු ස්ථානය දිනා ගත් දෙවන අවස්ථාව ලෙස දැක්විය හැකියි. ව්‍යාපාරික ක්ෂේත‍්‍රය නියෝජනය කරන විද්වත් මණ්ඩලයක් විසින් සියලූම අයදුම්කරුවන් දැඩි ඇගයීම් ක‍්‍රියාවලියකට ලක් කිරීමෙන් පසු බිස්නස් ටුඬේ හි හොඳම සමාගම් 30 ශ්‍රේණිගත කරනු ලබයි. මෙම වසරේ ශ්‍රේණිගත කිරීම් සඳහා නම් කරන ලද සෑම ආයතනයක්ම ඔවුන්ගේ වර්ධනයේ ගුණාත්මකභාවය, ආයතනික පාලනය හා දිගු කාලින දැක්ම යන කරුණු මත පදනම්ව තක්සේරු කිරීමකට ලක් කරන ලදී.

මෙම සමාලෝචන කාල පරිච්ඡේදය තුළදී, HNB හි ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය, නවීන තාක්ෂණය හා කැටිවූ හැකියාවන් හඳුන්වා දීමට ඇති හැකියාව, නිෂ්පාදන හා සේවාවන් ආදිය ද නවතම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබා ගැනීමට ඉවහල් විය.

එපමණක් නොව, මෙම බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීම HNB බැංකුකරණ ක්ෂේත‍්‍රයට හඳුන්වා දුන් පරිවර්තනීය ප‍්‍රවේශය සඳහා බැංකුව වෙත පිරිනැමුනු සම්මාන මාලාවේ නවතම සම්මානයයි. මීට අමතරව මෑත කාලයේදී හැටන් නැෂනල් බැංකුව යුරෝමනී සඟරාව මගින් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස අඛණ්ඩව තුන්වන වරටත් නම් කරන ලද අතර ඒෂියන් බෑන්කර් සඟරාව මගින් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව’ සම්මානය ද පිරිනමන ලදී. එමෙන්ම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව සහ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්ෂුද්‍ර මූල්‍ය නවෝත්පාදක බැංකුව ලෙසින් අඛණ්ඩව දෙවන වසරටත් 2019 ජාත්‍යන්තර මූල්‍ය ස`ගරා සම්මාන උළෙලේදී (IFM) HNB සම්මානයට පාත‍්‍ර විය.

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ බැංකුව ලෙස සිය ප‍්‍රතිරූපය තවදුරටත් ශක්තිමත් කරමින් 2019 දක්වා වසර 3ක් සඳහා එක්සත් රාජධානියේ ප‍්‍රමුඛතම බැංකු සඟරාවක් වන ‘ද බෑන්කර්’ සඟරාව විසින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB ඇතුලත් කරන ලදී. ශ්‍රී ලංකාවේ පිහිටි ජාත්‍යන්තර වානිජ්‍ය මණ්ඩලය (International Chamber of Commerce, Sri Lanka)හා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA)විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම අගය කරන ලද සමාගම් 10’ අතරට ද HNB නම් කරන ලදී. HNB හි විශිෂ්ටත්වය ප‍්‍රකට කළ තවත් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ සියලූම බැංකු අභිබවා LMD සඟරාව මගින් ඔදච 100 ක්‍කමඉ පළමු ස්ථානයට පත් වීම දැක්විය හැකිය. පසුගිය වසර 25 තුළ එකී සමාගමේ කාර්යසාධනය මත පදනම්ව මෙම ඇගයීම සිදු කෙරේ.

දීප ව්‍යාප්තව පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 251 ක් තුළින් බැංකු සේවා සපයන HNB ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වේ