කාන්තාවන්ගේ දියුණුවට රසවත් ගුණවත් මගක් හෙළිකරන ඇස්ට‍්‍රා

ආහාරය කියන්නේ රසයක් විතරක් නෙමෙයි, එය එක්තරා ආකාරයක කලාවක්. තවත් ලෙසකින් එය කර්මාන්තයක්. ආහාර සැකසීමත් කාන්තාව, නොඑසේ නම් ගෘහනියත් අතර ඇත්තේ ගසට පොත්ත මෙන් බැඳුනු සම්බන්ධයක්. අහර පිසීමේ කලාව ප‍්‍රගුණ කර තිබීම, අහර පිසීමේ කලාව හැඳීනීම යනු කාන්තාවකට ආභරණයකි. මේ අහර පිසීමේ කලාව තවත් පියරවක් පෙරට රැගෙන ගොස් අවශ්‍යනම් ගෘහනියකට ඉතාම ගැලපෙන ආදායමක් මාර්ගයක්, නැතිනම් ගෘහ කර්මාන්තයක් බවට පත්කරගන්නත් පුළුවන්.

මේ කුමන මට්ටමකින් හෝ වේවා ආහාර පිළියෙල කරගැනීමේදී අපේ රටේ ගෘහනියන්ගේ අනිවාර්ය තේරීමක් තමයි ඇස්ට‍්‍රා. ඇස්ට‍්‍රා නැති මුළුතැන්ගෙයක් සොයාගැනීමට නොහැකි තරමටම එය මෙරට ගෘහනියන්ගේ ආහාර පිළියෙල කිරීමත් සමග බැඳුනු නාමයක්. ගෘහණියන්ගේ පමණක් නෙමෙයි ගෘහාශී‍්‍රත බේකරි නිෂ්පාදකයනගේත් කේක් වර්ග ආදීය හා තවත් බේකරි ආහාර පිළියෙල කරගැනීමේදී පළමු තේරීම බවට පත්වෙන්නේ ඇස්ට‍්‍රාමයි. එසේ වන්නේ ඇයි? ඇස්ට‍්‍රාවල පවතින ගුණාත්මක බව, එහි ඇති උසස් තත්වය, ප‍්‍රමිතිය හා රසයට සාපේක්ෂව එහි මිල ඉතාම සාධාරණ වීමයි.

එම නිසාම ඔවුන්ට තත්ත්වයෙන් උසස් කේක් ආදී නිෂ්පාදන ගැලපෙන පිරිවැයක් දරමින් සාදාගන්න පුළුවන්. එ් උසස් බවට හොඳ මිලක් ලබාගන්න වගේම සාධාරණ ලෙස හොඳ ලාභයක් ලබාගන්නත් පුළුවන්. එපමණක් නොවෙයි, නිසැකවම ඔබට වැඩි වැඩියෙන් ඇනවුම් ලැබේවී. මොකද, ඇස්ට‍්‍රා යොදාගනිමින් සකසන කේක් වඩාත් මෘදු බැවින්, රසය වඩවන වියලි ගතියෙන්ද තොර බවක් ඇස්ට‍්‍රා යොදාගත් කේක් නිෂ්පාදනයට ලැබෙනවා. එයටම ගැලපෙන මනා සුවඳක් හා ආවේනික අපූරු රසයක්ද ඇස්ට‍්‍රා යොදාගැනීමෙන් හිමිවෙනවා.

ගුණාත්මකභාවයෙන් ඉහළ ඇස්ට‍්‍රා නිෂ්පාදනයේදී ශාක තෙල් සමඟ නැවුම් කිරි යොදාගන්නවා. හොඳ පෝෂණයක් ලබාගැනීමේදී මේදය කියන්නෙ අත්‍යවශ්‍ය සාධකයක්. මේදයෙන් අපේ ශරීරයට ශක්තිය ලැබෙනවා වගේම එය මේද ද්‍රාව්‍ය විටමින් සඳහා වාහකයක් සහ ආහාර රුචිය උපදවමින් රසවත් කරන අංගයක්.

ගෘහණියක් ලෙසින් ඔබ ආහාර නිෂ්පාදන කර්මානතයේ යෙදෙනවා නම් ඔබේ නිෂ්පාදන පරිමානය අනුව ‘ඇස්ට‍්‍රා’ තෝරාගැනීමට හැකියි. විවිධාකාරයේ බේකරි අවශ්‍යතාවන් සපුරාලීම සඳහා විවිධ ප‍්‍රමාණයන්ගෙන් යුත් ඇස්ට‍්‍රා නිෂ්පාදන රාශියක් ගැලපෙන පරිදි එ් එ් මිලට වෙළඳපලෙන් ලබාගන්න පුළුවන්. ශීතකළ ‘ඇස්ට‍්‍රා ෆැට් ස්ප්‍රෙඞ්’ විශේෂයෙන්ම සකස් කර තිබෙන්නේ වෙළඳපොලේ ඔබගේ සියලූ බටර් කේක් සඳහා හොඳම විසඳුම වන උසස් තත්ත්වයේ මෘදු කේක් සෑදීමටයි. ගෘහස්ථ පරිභෝජනය සඳහා එය කුඩා ප‍්‍රමාණයන්ගෙන් ලබාගත හැකි අතරම, ගෘහස්ථ බේකරි අවශ්‍යතා වෙනුවෙන් කිලෝග‍්‍රෑම් 1ක ටබ් සහ කිලෝග‍්‍රෑම් 5ක කුට්ටි වශයෙන් ලබාගන්නට පුළුවන්.

ඇස්ට‍්‍රා මාජරින්, බහුකාර්ය මාජරින් ලෙස සියලූම බේකරි නිශ්පාදන සඳහා විශේෂයෙන් සකස් කර තිබෙනවා. එය ශීතකරණයක් තුළ ගබඩා කිරීමට අවශ්‍ය නොවන නිසා ඔබට විදුලි බිල පිළිබඳ වදවීමට අවශ්‍ය වන්නෙ නැහැ. ඇස්ට‍්‍රා මාජරින් යොදාගෙන ඉක්ලෙයාර්ස්, ලාවා කේක්, පාන්, බනිස් සහ අනෙකුත් සියලූම බේකරි නිශ්පාදන සකසා ගැනීමට පුළුවන්. ගෘහාශි‍්‍රත සියලූම බේකරි අවශ්‍යතාවන් සඳහා වූ ඇස්ට‍්‍රා මාජරින් කිලෝග‍්‍රෑම් 15ක කුට්ටි වශයෙන් ද වෙළඳපලෙන් මිලදී ගන්නට පුළුවන්.

දැන් ඔබට ඇස්ට‍්‍රා සමගින් කැමති කැමති ආකාරයෙන් ආහාර කලාවේ රස රටා මවන්න පුළුවන්. එ් කියන්නේ ඇස්ට‍්‍රා රසය සහ එයින් ආහාර සකසාගැනීමේදී ලබාදෙන මෘදුබව ඔබට අලුත් අලූත් රසවත් කේක් සකසා ගැනීමට අවස්ථාව සලසා දෙන බැවින් එය ඔබ නොඅඩුව යොදාගන්න.
කාන්තාවකට ජීවිතය රස කරන්න වගේම ජීවිතය ජය ගන්නත් ‘ඇස්ට‍්‍රා’ දෙන සවිය සුළු පටු නැහැ. එළඹෙන කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් ඇස්ට‍්‍රා වෙතින් කාන්තා ඔබට කේක් හා බැඳුණු රෙසපි දෙකක් මෙසමගින් තිලිණ කරයි.

ඇස්ට‍්‍රා මුසුකර පහසුවෙන් සාදාගත හැකි මෙම කේක් රෙසපි ගෘහණියකගේ අමතර අදායම් මාර්ග සරු කරගැනීම සදහා ඇස්ට‍්‍රා ලබා දෙන දායකත්වයකි. ඔබගේ ගෘහස්ථ ව්‍යාපාරය දියුණු කරගැනීම සඳහා වැඩිදුර විස්තර, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වැඩමුළු මඟින් ප‍්‍රවීන උපදෙස් සහ ඇස්ට‍්‍රා මිලදී ගැනීමේදී සුවිශේෂ වූ වට්ටම් ලබාගැනීමට පහත දුරකථන අංකය අමතන්න.

දු.අ – 076 194 7619

කේක් වලට යොදන බටර් ක‍්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
සීනි කිලෝ 1 ග‍්‍රෑම් x250 යි
වතුර මිලි ලීටර් 350 යි
බිත්තර සුදුමද ග‍්‍රෑම් 500 යි
ශීත කළ ඇස්ට‍්‍රා කිx ග‍්‍රෑ 2.5 යි

සාදන ක‍්‍රමය
සීනි සහ වතුර එක් කර ගැඹුරු භාජනයකට දමා බුබුලූ දමන තෙක් සීනි රත් කරන්න.
බිත්තර සුදු මද පෙන බවට පත්වන තෙක් හොඳින් බීට් කරගන්න. ඉන්පසු බුබුලූ නගින තුරු උණු කරගත් සීනි මිශ‍්‍රණය ක‍්‍රමයෙන් එයට එකතු කර ගන්න.
අවසානයේ, තැවරියහැකි පදමට පැමිණෙන තෙක් ඉහත මිශ‍්‍රණයට වරින් වර ඇස්ට‍්‍රා එකතු කරගන්න.
(මෙලෙස සකසාගන්නා බටර් ක‍්‍රීම් ඔබගේ ගෘහාශ‍්‍රිතව සකසා ගන්නා කප් කේක්, වැනිලා කේක්, ඉක්ලෙයාර්ස් ආදියෙහි ටොපින් ආකාරයෙන් යොදා ගත හැකිය*

ට‍්‍රැඩිෂනල් වැනිලා කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
ඇස්ට‍්‍රා මාගරින් ග‍්‍රෑම් 250
සීනි (සුදු* ග‍්‍රෑම් 250
බිත්තර 4
පාන් පිටි (හලාගත්* ග‍්‍රෑම් 250
බේකින් පවුඩර් ග‍්‍රෑම් 4
වැනිලා මිලි ලීටර් 5

සාදන ක‍්‍රමය
උඳුන සෙල්සියස් අංශක 180 ට රත්වන්න තබන්න. කිලෝ ග‍්‍රෑම් 1ක බේකින් තැටියක් ගෙන තෙල් කොලයක් අතුරා පසෙකින් තබන්න. භාජනයකට ඇස්ට‍්‍රා සහ සීනි දමා මධ්‍යම වේගයෙන් ක‍්‍රීම් එකක් වනතුරු විනාඩි 3ක් පමණ බීට් කරගන්න. එලෙස බීට් කරගන්නා අතර බිත්තර එකින් එක එයට එකතූ කරමින් සීනි දියවනතුරු බීට් කරගන්න. බේකින් පවුඩර් සහ පාන් පිටි හලාගෙන පෙර මිශ‍්‍රණයට එකතූ කරන්න. පසුව වැනිලා දමා අඩු වේගයකින් බීට් කරගන්න. ඊට පසු මිශ‍්‍රණය සූදානම් කළ තැටියට පුරවා උෂ්ණත්වය සෙල්සියස් අංශක 180ට තබා විනාඩි 45ත් – 50ත් අතර කාලයක් බේක් කරගන්න. හොඳින් බේක් වී ඇත්නම් ස්පොන්ජ් එකක් මෙන් ඇඟිල්ලෙන් තදකල විට නැවතත් උඩට එනු ඇත. උඳුනෙන් ඉවත්කර තෙල් කොලය ගලවා නිවෙන්නට තබන්න.

ඔබ ගෘහාශ‍්‍රිත බේකරි නිෂ්්පාදකයෙක්ද? එසේනම් ඔබට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට හා ඔබගේ ගෘහ ව්‍යාපාරය සඳහා ඇස්ට‍්‍රා නිෂ්්පාදන විශේෂ මිල ගණන් යටතේ ලබාගැනීමට අවශ්‍ය නම් සතියේ දිනවල පෙරවරු 9ත් පස්වරු 5ත් අතර 076 194 7619 වන ඇස්ට‍්‍රා ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබාදෙන්න.