අලියාන්ස්  ශ්‍රී ලංකා හි කළමනාකාරීත්වය සහ සේවක ප්‍රජාව පසුගියදා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමඟ අත්වැල් බැඳගනිමින් COVID-19 පරීක්ෂණ සඳහා වන රුපියල් මිලියන 4ක් වටිනා High Performance Real Time Quantitative PCR (RT-qPCR)  යන්ත්‍රයක් ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදී.

මේ පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “ මේ ආකාරයේ අභියෝගාත්මක අවස්ථාවන්හිදී කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒ වෙනුවෙන් කැපවන ආයතනයන් වෙත පෞද්ගලික අංශයේ පූර්ණ සහයෝගය ලබා දීම අතිශය වැදගත්ය. මහජනතාවගේ සෞඛ්‍ය තත්වයනට වන අහිතකර බලපෑම අවම කිරීම සදඟා ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශයේ සියලු වෘත්තිකයන්ගේ නිරන්තර කැපවීම අප ඉතා ඉහළින් අගය කර සිටිමු. ඔවුන්ගේ උත්සාහයට තව දුරටත් සහාය දැක්වීම වෙනුවෙන් පරීක්ෂණ තුළින් COVID-19 නිවැරදිව හඳුනා ගැනීමටත්, එම වසංගතය පරාජය කිරීමටත්  නවීන උපකරණ හා විසඳුම් අත්‍යාවශ්‍ය බව අපි තරයේ විශ්වාස කර සිටිමු. ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා යහ පැවැත්ම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටින ගෝලීය රක්ෂණ සැපයුම් කරුවෙකු ලෙස ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ COVID-19 පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ කාර්ය සාධනයකින් යුත් Real Time Quantitative PCR (RT-qPCR) යන්ත්‍රයක් ප්‍රදානය කිරීමට හැකි වීම අප මහත් ගෞරවයක් කොට සළකන්නෙමු.” යනුවෙනි.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් හි ප්‍රධාන අලෙවි නිළධාරී ඩෙනිස් හේවාගම, අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම්, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ( විශ්‍රාමික) කමල් ගුණරත්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද මෙන්ඩිස්, වෛද්‍ය වරුණ නවරත්න, වෛද්‍ය දර්ශන් ද සිල්වා, වෛද්‍ය දිලිනි නාකවිට යන මහත්ම මහත්මීන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය