
පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65 ක් සහ ග්‍රෑම් 425 ක ශුද්ධ බරින් යුත් ටින් කළ මාළු 01ක් රුපියල් 100ක් ලෙස උපරිම මිල නියම කරමින් පනවා තිබු පාලන මිල වහාම ඉවත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පරිප්පු සහ ටින් කළ මාළු සඳහා 2020 මාර්තු මස 17 වෙනිදා සිට රජය පනවා තිබු පාලන මිල ඒ අනුව ඉවත් වෙනු ඇත.පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය පහත දැක්වෙයි


































