කොරෝනා හමුවේ විවෘත නෙදර්ලන්තයේ අවන්හල

කොරෝනා වසංගතය හමුවේ ලොව පුරා අවන්හල් වසා දමා තිබියදී නෙදර්ලන්තයේ පිහිටි එක් අවන්හලක් ඊට විසඳුමක් සොයාගෙන තිබේ. ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි Mediamatic ETEN නැමැති අදාල අවන්හල විසින් මෙම ක්‍රමය හඳුන්වා දී ඇත.

සමාජ දුරස්ථභාවය රඳවා ගනිමින් සිය පවුලේ හිතවතුන් සමග ආහාර ගත හැකි කුඩා නිරෝධන කුටි ලෙස මෙම ක්‍රමය හඳුන්වාදී ඇත.

ආහාර පාන සංග්‍රහය කරන කාර්ය මණ්ඩලයද ආරක්ෂාකාරී ආවරණ වලින් සැරසී සිටින අතර එම කුටි වෙන්කරවා ගැනීම අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබයි.

මෙම ආපන ශාලාවෙහි වෙන් කරවා ගැනීම් ඉදිරි කාලය පුරා අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.