ඇපල් සළකුණ සොරා ගත්තාට හැරී ජයවර්ධනට නඩු දමයි

ප්‍රකට ව්‍යාපාරිකයකු වන හැරී ජයවර්ධන මහතාට අයත් ස්ටැසන් එක්ස්පෝර්ට්ස් සමාගමට එරෙහිව බුද්ධිමය දේපල නඩුවක් ඇපල් ඉන්කෝපරේෂන් සමාගම විසින් කොළඹ වානිජ මහාධිකරණය හමුවේ පවරා තිබේ.

ඇපල් පරිගණක සහ ජංගම දුරකථන සඳහා නම් දරන ඇපල් සමාගම සතු ඇපල් ගෙඩියේ වෙළෙඳ සලකුණ වෙනුවෙන් ස්ටැසන් එක්ස්පෝර්ට්ස් සමාගමට එරෙහිව මෙම නඩුව ඇපල් ඉන්කෝපරේෂන් සමාගම විසින් පවරා තිබේ. පළයේ දකුණස කොටසක් කා දැමූ ඇපල් ගෙඩියක වෙළෙඳ සලකුණ හැරී ජයවර්ධන මහතාගේ පූර්ණ අයිතිය යටතේ පවතින ස්ටැසන්ස් එක්ස්පෝර්ට්ස් සමාගම විසින් අලෙවි කරන හානා නැමැති තේ සන්නාමයට මුසු කිරීමට එරෙහිව අදාල නඩුව ගොනු කර ඇත.මෙම වෙළෙඳ සලකුණ 1977 දී ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් විසින් ආරම්භ කරන ලද ඇපල් සමාගමේ වෙළෙඳ සලකුණ වන අතර මෙම සංකේතයම කිසිදු ගෞරවාන්විත බවතින් හෝ සාදාචාර සම්පන්න බවකින් තොරව ස්ටැසන්ස් සමාගම තම තේ සන්නාමයට සුළු වෙනස්කමක් සහිතව ඉදිරිපත් කර ඇති අතර අදාල සලකුණේ බුද්ධිමය දේපල අයිතියට හිමිකම් ප්‍රකාශ කරමින් කොළඹ වානිජ අධිකරණය වෙත මෙම නඩුව ඉදිරිපත් කර ඇත. පැමිණිලිකාර පාර්ශ්වයේ වෙනුවෙන් නීතිඥවරුන් කරැණු ඉදිරිපත් කරමින් 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතේ 134 වැනි වගන්තිය ප්‍රකාරව හැරී ජයවර්ධනගේ ස්ටැසන්ස් සමාගමට තම ඇපල් ගෙඩියක වෙළෙඳ ලකුණ භාවිතයට අවසර නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම නඩුවේ වගඋත්තරකාර පාර්ශ්වයට තම පිළිතුරු අගොස්තු මස 17 වැනිදා ගොනු කරන ලෙස මහාධිකරණ විනිසුරු එම් අෂාන් ආර් මරික්කාර් මහතා නියෝග කළේය.