කුසල් මෙන්ඩිස් ඇප මත මුදාහරියි

පානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රුපියල් මිලියනයක් බැගින් වූ පුද්ගලික ශරිර ඇප දෙකක් මත මුදා හරින ලෙස පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද(06)නියෝග කර තිබේ.

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ඊයේ දින අලුයම 5 ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.

එම අනතුර සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබු අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මිය ගියේ පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුගේ විවාහ මංගල උත්සවයට සහභාගිවී ආපසු එමින් සිටියදී කුසල් මෙන්ඩිස් පැදවූ වාහනය රිය අනතුරකට භාජනය වී තිබුණි.