Ideal First Choice මූලිකත්වයෙන් Bosch ඩීසල් පොම්ප සේවා මධ්‍යස්ථානයක් පන්චිකාවත්තේදී විවෘත කෙරේ

Ideal First Choice ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බහු සන්නාම(Multibrand) මෝටර් රථ සහ සැහැල්ලු ට්‍රක් රථ සඳහා පුළුල් පරාසයක සේවා සපයන මධ්‍යස්ථාන ජාලයකින් සහ සියලූම වර්ගයේ අමතර කොටස් බෙදාහැරීමේ ජාලයකින් සමන්විත වේ’

Ideal First Choice වෙතින් පසුගියදා පංචිකාවත්ත ප්‍රදේශයේ විවෘත කරනු ලැබූ BOSCH ඩීසල් පොම්ප සේවා මධ්‍යස්ථානයල ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඩීසල් පොම්ප අලුත්වැඩියා කිරීමේ සහ නඩත්තු කිරීමේ සේවාවන් රැසක් සපයනු ලබන අතරම එමඟින් පාරිභෝගිකයන්ට අවශ්‍ය  BOSCH  අමතර කොටස් ලබා ගැනීමේ අවස්ථාවද සලසා ඇත’

නව සේවා මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සභාපති නලීන් ජේ’ වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට අයිඩියල් සමූහ ව්‍යාපාරයේ නීතිමය හා ආයතනික කටයුතු අධ්‍යක්ෂිකා නීමීෂා වෙල්ගම අයිඩියල් මෝටර්ස් අධ්‍යක්ෂ – මෝටර් රථල චමින්ද වනිගරත්න සහ ශ්‍රී ලංකාවේ BOSCH කළමණාකාර අධ්‍යක්ෂ ස්වාමිනාදන් ආර් යන මහත්වරුන්ද සහභාගි විය’

අභිනවයෙන් දියත් කරන ලද  BOSCH ඩීසල් පොම්ප සේවා මධ්‍යස්ථානය  2020 මාර්තු මසදී Ideal First Choice විසින් දියත් කරනු ලැබූ Bosch ​​ඩීසල් පද්ධති සහ අමතර කොටස් බෙදාහැරීමේ සේවා නියෝජිත දිගුවක් ලෙසින් ක්‍රියාත්මක වීමට නියමිත අතර මෙමඟින් දිවයින පුරා විසිරී ඇති Ideal First Choice අලෙවි නියෝජිත ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමද අරමුණු කොට ඇත’ එමෙන්ම දිවයින පුරාBOSCH  ඩීසල් පොම්ප එකතු කිරීමේ මධ්‍යස්ථා 24ක් ද පිහිටුවා ඇති නිසා පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් තමන්ට ළඟම පිහිටි මධ්‍යස්ථානයක් හා සම්බන්ධ වීමේ හැකියාව ඇත’ එමෙන්ම අලුත්වැඩියා කටයුතු  BOSCH සඳහා වගකීම හිමිවන බැවින් එය පාරිභෝගිකයින් හට ඉතා මහඟු අවස්ථාවක් වනු ඇත’

සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සභාපති නලීන් ජේ’ ‘ වෙල්ගම මහතා මෙසේ පැවසීයගග Bosch ජය ඩීසල් පොම්ප අලූත්වැඩියාවන් අවශ්‍ය පාරිභෝගිකයින් හට ඔවුන්ගේ අවශ්‍යතා සියල්ලක්ම එකම වහලක් යටින් සපුරා ගැනීමට හැකි නවීන සේවා මධ්‍යස්ථානයක් හඳුන්වා දෙන්නට ලැබීම ගැන අප ඉතා සතුටට පත්වෙනවාග මනා පුහුණුවක් ලත් අපගේ කාර්ය මණ්ඩලය වඩාත් විශ්වාසයෙන් හා වගකීමෙන් යුතු අද්විතීය සේවාවක් පාරිභෝගිකයන්ට ලබා දෙන්නට සෑම විටම ඇපකැප වී සිටිනවාග පාරිභෝගිකයා මූලික කරගත් සේවාවක් ලබා දෙන්නට අප ගන්නා නිරන්තර උත්සාහය නිසාම මෙරට මෝටර් රථ කර්මාන්තයේ ඉහළ තලයකට පැමිණෙන්නට අපට හැකි වී තිබෙනවාග එමෙන්ම වසර ගණනක් පුරා ක්‍ෂේත්‍රයේ අප ලැබූ විශිෂ්ටත්වය තුළින් අපගේ සේවාවන් තව තවත් වැඩි දියුණු කරන්නට අප උත්සහ දරනවා”’