vivo නවතම Y20 ස්මාර්ට් ජංගම දුරකථනය ඔක්තෝම්බරයේ දී එළි දැක්වෙයි

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo සිය නවතම mid-range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y20 ලබන ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතය.

Y20 ය 5000mAh සුවිසල් බැටරි ධාරිතාවයකින් යුතුව බල ගැන්වේ. එහි කැමරා සංයුතිය 13MP + 2MP + 2MP AI Triple rear camera පද්ධතියකින් සමන්විත වන අතර macro සහ bokeh බහු මාදිලි camera විශේෂාංග මගින් ඔබේ ජිවිතයේ සෑම සුවිශේෂී අවස්ථාවක්ම බාධාවකින් තොරව ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය පරිපුර්ණභාවයෙන් යුතුය. vivo Y20 හී ඇති ප්‍රමුඛතම විශේෂාංගය වන්නේ AI power-saving technology හරහා දිගු කාලින බැටරි ආයු කාලයක් ලබා දීමයි. එලෙසම reverse charging පහසුකමද මේ මගින් ලබා දෙයි. එලෙසම Y20 හී නව Side-Mounted Fingerprint Scanner විශේෂාංගය මගින් තප්පරයකටත් අඩු කාලයක් තුළ ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ අගුළු හැරීමේ කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් පරිශීලක අත්දැකීම් උසස් තලයකට ගෙන විත් තිබේ.

vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියෑං මහතා vivo හි නවතම හඳුන්වා දීම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “ vivo හි Y මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකථන පවුලට එක්වන අලුත්ම සාමාජිකයා වන්නේ Y 20යයි. එය camera, සුවිසල් බැටරිය, ආකර්ශනීය වර්ණ, ultra-game mode සහිත විශේෂාංග රාශියක් සමගින් සාමාන්‍ය මිල ගණන් යටතේ පරිපුර්ණ ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමට සමත් වනවා. තරුණ කේන්ද්‍රීය සන්නාමයක් ලෙස ගොඩ නැගෙමින් පවතින vivo, නව තාක්ෂණික ප්‍රවණතාවන් නිර්මාණය කරමින් ආකර්ශනීය ස්මාර්ට් ජංගම දුරකථන වඩාත් තරඟකාරී මිල ගණන් යටතේ ලබා දීමට අඛණ්ඩව නව්‍යකරණයන් සිදු කරමින් සිටිනවා. විශේෂයෙන්ම Y20 නිර්මාණය කර ඇත්තේ පරිශීලකයාගේ එදිනෙදා ජීවිතය මුලික කර ගනිමින් eye protection screen සහිතව gaming functions සමග large size battery ක් මෙන්ම strong processor එකක් සහිතව පරිශීලක හිතකාමී සහ සුව පහසුව පිළිබඳ පුළුල් අවබෝධයක් සහිතවය.”

තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් vivo Y මාදිලිය නවීන තාක්ෂණය හා සමවැදුණු නවීන තාක්ෂණික දැනුමින් යුතු තරුණ පරපුරේ එදිනෙදා ජීවිතයට ආකර්ශනණීය විලාසිතාවක් බවට පත්ව තිබේ. පාරිභෝගික කේන්ද්‍රීය සැලසුම්කරණය සහ නවෝත්පාදනයන් කෙරෙහි වඩාත් අවධානය යොමු කරමින් සැහැල්ලු බවින් යුතු, සිනිදු හා සම්පුර්ණයෙන්ම ඔප දැමු හැසිරවීමට ඉතාමත් පහසු කාර්යක්ෂම බවකින් යුතු 2.5D ස්මාර්ට් ජංගම දුරකථනයකි. තරුණ පරම්පරාවේ එදිනෙදා ජිවිතයේ නව විලාසිතාවන්ට ගැලපෙන Obsidian Black සහ Nebula Blue යන ආකාර්ශනිය ඇස් ඇදගන්නා සුළු වර්ණයන් දෙකකින් Y20 ස්මාර්ට් ජංගම දුරකථනය ඔබට ලබා ගත හැකිය.

තවද ඔබගේ දෛනික ජිවිතයට පහසුව කැඳවන නව side-mounted fingerprint scanner විශේෂාංගය වැඩි දියුණුකරන ලද පරිශීලක හිතකාමී සුවිශේෂී පහසුකමක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙහිදී පරිශීලකයන්ට වැඩිදුර ආරක්ෂාව සඳහා, physical fingerprint sensor හෝ නවීන face unlock පහසුකම්ද භාවිතා කළ හැකි වේ.

මෙහි අඟල් 6.51 ක Halo Display සමඟ අක්ෂි ආරක්ෂණ (Eye Protection) විශේෂාංග ඇතුළත් කරමින් පරිශීලකයා ආරක්ෂා කරන උසස් ගණයේ screen එකක් ලබා දී ඇති අතර එමඟින් පරිශීලකයාට චිත්‍රපට නැරඹීමේ සහ high definition games play කිරීම සඳහා උසස් අත්දැකීමක් සපයයි.

Y20 හි ඇති ප්‍රභල Qualcomm Snapdragon processor සමඟ 3GB RAM + 64 GB දත්ත ගබඩා කිරීමේ හැකියාව microSD card මගින් 256GB දක්වා ඉහළ නැංවිය හැකි අතර එමගින් ජවය සහ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමේ හැකියාව වැඩිවේ. මෙහිදී අඛණ්ඩ ප්‍රීතිමත් gaming experience ලබා දීම සඳහා දුරකතනයේ Ultra Game mode සමඟ පුළුල් පරාසයක විශේෂාංග රාශියක් ඇතුළත් කොට ඇත.

නවතම vivo Y20 ස්මාර්ට් ජංගම දුරකතය එළඹෙන ඔක්තෝමබර් මාසයේදී ලබා ගැනීමේ හැකියාව ඇත.