2020 PATA සම්මාන උළෙළේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින් 2020 PATA සම්මාන උළෙළේ දී රන් සම්මානළයන් පිදුම් ලැබීය.

ඒ අනුව, මෙවර PATA Travel Mart 2020 සම්මාන උළෙළේ දී ප්‍රකාශයට පත් කළ ජයග්‍රාහකයින් 20 දෙනා අතරට ජාතික ගුවන් සේවය ඇතුලත් විය. මෙහිදී ශ්‍රීලංකන් ගුවන් සමාගමට පෑන් ඉන්දියා අලෙවි කරණ ව්‍යාපාරය යටතේ ඉදිරිපත් කල Next Door Neighbor සහ Serendipity Next Door යන අලෙවි කරණ වයාපාරයට ‘අලෙවිකරණ වාහකයා’ (‘Marketing Carrier’) තේමාව යටතේ මෙම රන් සම්මානය හිමිවිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කලේ සම්මානයක් දිනා ගැනීම සැමරීමට හේතුවක් වන අතරම මෙය ගුවන් සේවය නිවැරදි දිශාවට ගමන් කරන බවට සහතික කිරීමක් ද වන බවයි. “PATA වෙතින් මෙම ගෞරවනීය සම්මානය ලැබීම, විශේෂයයෙන් පවත්නා තත්ත්වයන් යටතේ, ඉදිරි අභියෝගාත්මක කාලයන්ට මුහුණ දීමට හැකියාවක් ඇති බව අපට බලාපොරොත්තු ලබා දීමක්. ඒ වළේම ගෝලීය ආකර්ශණය දිනා ගත හැකි අපගේ දිගු කාලීන සන්නිවේදන අන්තර්ගතය අපගේ වයාපාරයට ප්‍රබල බලපෑමක් ඇති කල හැකියි. ” බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

PATA හි ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය මාරියෝ හාඩි මහතා ප්‍රකාශ කලේ “PATA රන් සම්මාන උළෙළේ ජයග්‍රාහකයින් විශිෂේටත්වය හා නව්‍යකරණය වෙනුවෙන් ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රමිතීන් සකස් කර දී ඇති අතර ආසියා පැසිෆික් සංචාරක කර්මාන්තයට ලබාදිය හැකි හොඳම දේ හඳුනාගෙන එමඟින් ප්‍රතිලාභ ලබා දීමට කදිම අවස්ථාවක් සංගමයට ලබා දී ඇති බවයි.”

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී සමින්ද පෙරේරා මහතා මෙසේ පැවසීය. “PATA Travel Mart 2020 හිදී මෙම කීර්තිමත් රන් සම්මානය ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙය අතිශයින්ම අපේ කණ්ඩායමේ උත්සාහයක ප්‍රතිඵලයක්. මෙම නිර්මාණවල කොටස්කරුවන් වූ කීර්තිමත් පුද්ගලයින්ට, අපගේ උත්සාහයන්ට සහය දුන් කලමනාකාරිත්වයට, මගේ කණ්ඩායමට සහ අපගේ නිර්මාණාත්මක ආයතන වන ජේ. වොල්ටර් තොම්සන් සහ ලියෝ බර්නෙට්, ආයතන වලට ස්තූතිය පුද කිරීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔවුන් සියලුම දෙනාගේ සහය නොමැතිව මෙය කිසි විටටෙකත් කල නොහැකි වනු ඇත” යැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

‘Marketing Carrier’කාණ්ඩය යටතේ රන් සම්මානය දිනාගත් Next door neighbors’ අලෙවිකරණ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ බහුකාර්ය ආකර්ෂණයන්හි දෘශය නිරූපණයකි. එය මූලික වශයෙන් ඉන්දියාවේ සංචාරක කණ්ඩායම් ඉලක්ක කරගත් නිර්මාණයක් වන අතර සිත් ඇදගන්නාසුළු හෝ සන්සුන් ගමනක් සඳහා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ගමනාන්තයක් බව එමගින් පෙන්නුම් කරයි.

ඉන්දියාව යනු ගුවන් සේවයේ තනි විශාලතම වෙලඳපොල වන අතර පාස්කු ඉරිදා ඛේදවාදකයෙන් පසු ඉන්දියානු සංචාරකයින්ගේ පැමිණීම සියයට 80 කින් පමණ විශාල ලෙස අඩු විය. එබැවින් ඔවුන් තුල ශ්‍රී ලංකාවේ ආකර්ෂණය රඳවා ගැනීම සඳහා ඵලදායී අලෙවිකරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය විය. ඉන්දියාවේ සංචාරය කිරීමට වඩා දේශීය සංචාරක පහසුකම් සහිතව ජාත්‍යන්තර ගමනාන්තයක් අත්විඳීමේ වරප්‍රසාදය සංචාරකයෙකුට ඇති බව මෙමඟින් නිරූපණය කෙරේ. ගුවන්විදුලිය, සිනමාව, ඩිජිටල්, සංචාරක ප්‍රකාශන සහ එළිමහන් වෙළඳ ප්‍රචාරනය වැනි විවිධ මාධ්‍යයන් හරහා  දිග හැරෙන අංශක 360 ක නිර්මාණාත්මක බවකින් යුත් මෙම අළලවි කරණ ව්‍යාපාරය බුද්ධිමත් ඉන්දියානු සංචාරකයා වෙත ඉතා ඉක්මනින් ලඟා විය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  සන්නාම වීඩියෝ වන ‘Serendipity Next Door’ සහ ‘Ode to Paradise’ සමාජ මාධ්‍ය තුල අතිශය ජනප්‍රිය විය. ‘Ode to Paradise’ යනු ලෝකප්‍රකට ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුද්ගලයින්ගේ දෑස් තුළින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විදහා දක්වන ගීතයක් වන අතර එය ගුවන් සේවයේ ‘බ්ලූ වෝටර්ස්’ ගීතළේ නව පුනර්ජීවනයකි. ‘Serendipity Next Door’ යනු ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගේ සිත් දිනා ගැනීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද Ode to Paradise’ හි දිගුවකි. මෙම වීඩියෝ දෙක ෆෙස්බුක් හි මිලියන 73 ක දර්ශනයක් සහ යූටියුබ් හි මිලියන 2.2 ක දර්ශන ප්‍රමාණයක් වාර්තා කල අතර, දෙවැන්න පැය 11 ක් තුල දස ලක්ෂයක් සහ දින දෙකකින් මිලියන පහක් පසු කල ශ්‍රී ලංකාවේ පලමු සන්නාම වීඩියෝව බවට ද පත්විය.

මීට පෙර අවස්ථා දෙකකදී එනම් 2007 සහ 2019 වර්ෂ වල දී රන් සම්මාන ලබා ගනිමින් ජාතික ගුවන් සේවය PATA හි සිය සලකුණ තැබූ අතර මෙය තුන්වන අවස්ථාව බවට පත්විය. මෙවර PATA රන් සම්මාන 2020 සඳහා ලොව පුරා සංවිධාන 62 ක් සහ පුද්ගලයින් 62 දෙනෙකු ඇතුලත් විය. විවිධ ගමනාන්තවල පුද්ගලයින් 16 දෙනෙකුගෙන් යුත් ස්වාධීන විනිශ්චය කමිටුවක් විසින් ජයග්‍රාහකයින් තෝරා න්නා ලදී.