ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි නඩුව නිශ්ප්‍රභා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 16කට වඩා මුදලක් ඉල්ලා පුද්ගලික සමාගමක් විසින් ගොනු කර තිබු නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිෂ්ප්‍රභා කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව මෙම නඩුව පවරා තිබුනේ Triumphal Trading and Consultancy Services (Pvt) Ltd සමාගම විසිනි.

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ 2009 වර්ෂයේ ඉදි කළ ගොඩනැගිල්ලක් මුල් කොට ගෙන ලැබිය යුතු මුදලක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබුණි.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එම්.එස්.කේ.බී.විජයරත්න මහතා දෙපාර්ශවයේම ඉදිරිපත් කළ කරුණු සලකා බලා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉසුරු බාලපටබැඳි සහ චාරුක ජයරත්න යන නීතිඥවරුන් පෙනී සිටියහ.