කොවිඩ් අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත් පැමිණෙයි

රාජකීය කොළඹ ගොල්ෆ් සමාජයීය (Royal Colombo Golf Club) ක්‍රීඩා පිටියෙහි උද්‍යාන අලංකරණ ශිල්පියෙකු (gardener) ලෙස සේවය කරනු ලබන අයෙකුගේ දියණියක කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් අදාළ ක්‍රීඩා සමාජය තාවකාලිකව වසා දැමීමට එම පාලනාධිකාරිය තීරණය කර තිබේ. මෙම උද්‍යාන අලංකරණ ශිල්පියාගේ දියණිය මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩල සාමාජිකාවකි.

මේ අතර එම උද්‍යාන අලංකරණ ශිල්පියා සහ ඔහුගේ පවුලේ සාමජිකයින් පරීක්ෂණ සඳහා යොමුකිරීමට කටයුතු සලස්වා ඇති බවද, ඔහු ඔක්තෝබර් 03 දින දක්වා මෙම ක්‍රීඩා සමාජයේ සේවයේ නිරතව සිට ඇති බව ද රාජකීය කොළඹ ගොල්ෆ් සමාජය සිය සාමාජිකයින් වෙනුවෙන් දැනුම් දී සිටියි.

රාජකීය කොළඹ ගොල්ෆ් සමාජයීය සිය සාමාජිකයින් වෙත දැනුම් දී සිටින්නේ මේ සම්බන්ධ නිවැරදි තොරතුරු සඳහා සියලු විමසීම් [email protected] වෙත යොමු කරන ලෙසයි.