හඳුන්වාදෙන Galaxy Z Fold2 : අනාගතයේ හැඩය වෙනස් කරයි

Samsung Sri Lanka විසින් දුරකථන කාණ්ඩයන් නැවත අර්ථගැන්වූ තමන්ගේ foldable දුරකථන මාදිලියේ ඊළඟ පරම්පරාවේ දුරකථනය Samsung Galaxy Z Fold2 නමින් හඳුන්වාදෙයි.

තාක්ෂණික වැඩිදියුණු කිරීම් සහ නව්‍ය සන්නිවේදන හඳුන්වාදීම් එකට එකතුකළ Galaxy Z Fold2 දුරකථනය අසමසම සන්නිවේදන තාක්ෂණ භාවිතාවන්ගේ ප්‍රමෝදය විඳින්නට කැමති සැමට නව foldable අත්දැකීමක් රැගෙන එයි. විශාල Cover Screen එකක් සහ ඊටත් වඩා සුවිසල් Main Screen එකක් සමඟින් එන Galaxy Z Fold2 එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා මනාව සපුරාගැනීමට පහසුවන පරිදි එකතුකළ නව තාක්ෂණික  විශේෂාංග සහිතව සහ සුවිසල් ප්‍රශස්ථ හැඩයකින් යුතුව අසමසම ජංගම දුරකථන අත්දැකීමක් රැගෙන එයි. 

Samsung Sri Lanka ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Kevin SungSu YOU මහතා මෙසේ සිය අදහස් දැක්වීය, “නව්‍ය නිපැයුම් හඳුන්වාදීම වෙනුවෙන් අපේ සීමා මායීම් පුළුල් කළ යුතු බව අපි විශ්වාස කරනවා. අපි කලින් හඳුන්වාදුන් foldable ස්මාර්ට් ජංගම දුරකථනයට ඉහළ අලෙවි ප්‍රතිචාර ලබාදෙමින් ශ්‍රී ලාංකිකයන් නව සන්නිවේදන තාක්ෂණයට තමන්ගේ ඇති ඇල්ම අපට පෙන්වා දුන්නා. Galaxy Z Fold2 සමඟ අපි තවත් විප්ලවීය පියවරක් අනාගතය දෙසට තියනවා, අලුත් නිර්මාණයක විස්මයත්, සියල්ල එකතුවුණු ප්‍රබල සන්නිවේදන අත්දැකීමක් අපි අපේ පාරිභෝගිකයන්ට ලබාදෙනවා. වැඩිදියුණු කළ උපාංග සහ භාවිත අත්දැකීමක් සමඟ මෙන්ම අපේ ගෝලීය තාක්ෂණික මිතුරන් වූ Google සහ Microsoft එකමුතුවෙන් අපි ජංගම සන්නිවේදන හැකියාවන්ගෙන් සපිරි නව යුගයක් වෙත ඔබව කැඳවාගෙන යනවා. ”

අලුතින් අර්ථගැන්වූ නවතම හැඩය

විප්ලවීය හැඩයක් සහ වැඩිදියුණු කළ සන්නිවේදන ඉංජිනේරු තාක්ෂණයේ එකතුවෙන් එන Galaxy Z Fold2 දුරකථනය එදිනෙදා භාවිත කරන ඔබට සුවපහසුවේ විශ්වාසය දැනෙනු ඇත. විසල් 6.2” Infinity-O Cover Screen එක මඟින් භාවිතයේ දී උපරිම පහසුවක් ලබාදෙන නිසා ඊමේල් බැලීමට, ගමන් කළ යුතු දිශාවන් නැරඹීමට හෝ දුරකථනය හැම වෙලාවකම unfold කරන්නේ නැතිව තමන් වඩාත්ම කැමති අන්තර්ගතයක් නැරඹිමේ හැකියාව උදාකරයි. දුරකථනය unfold කළ විට minimized bezels සහ notch-less පහසුකම් සහිත ඉදිරිපස කැමරාව ඇතුළත් ප්‍රධාන තිරය අඟල් 7.6ක් තරම් විශාලවන අතර smooth scrolling කිරීමක් සහ වීඩියෝ ක්‍රීඩා කාර්යක්ෂමව සෙල්ලම් කිරීම වෙනුවෙන් ඇති 120Hz adaptable refresh rate එකෙන් අසීමිත අත්දැකීමක් තුළ ඔබව රඳවා තබයි. ඒ සියලු අත්දැකීම් සමඟ දුරකථනයේ ඇති  high-dynamic dual speakers වලින් ලැබෙන සුපැහැඳිලි හඬ සහ වැඩිදියුණු කළ stereo effect මඟින් දැනට වෙළඳපොලේ ඇති සියලු Galaxy ජංගම දුරකථන අතර ඉහළම හඬ සුපැහැදිළිතාව සහතික කරමින් ඔබට සර්ව සම්පූර්ණ දුරකථනක හිමිකරුවා කරයි.

ඔබට කැමති අයුරින් ඡායාරූප ගන්න සහ ඒවා නරඹන්න

Galaxy Z Fold2 දුරකථනයේ නව්‍ය foldable තාක්ෂණික සාධකය සහ එහි ඇති සුවිශේෂී හැඩය මඟින් ජංගම දුරකථන අත්දැකීම් නව මානයකට ගෙනයයි. නොනවත්වා පුළුල් භාවිත හැකියාවන් සහතික කිරීම සහ Cover Screen එක සහ Main Screen එක අතර සීමා ඉවත්කර සබඳතාවය වැඩිදියුණු කිරීම වෙනුවෙන් Galaxy Z Fold2 දුරකථනයේ Flex mode එක ඇප්ස් සමඟ ඒකාබද්ධකර තිබේ. මේ හැකියාව මඟින් folded කිරීමේ සිට unfolded කිරීම තෙක් ඕනෑම සීමාවක දී ඔබට ඔබේ අන්තර්ගතයන් නිර්මාණය කිරීමට හෝ නැරඹීමට අවස්ථාව ලබාදෙයි.

සෑම මොහොතක්ම සුවිසල් අත්දැකීමක්බවට පෙරළයි

අන්තර් සබඳතා වෙනුවෙන්ම නිර්මාණය කළ නව තාක්ෂණික සංයුක්තබවට ස්තුතිවන්තවන්නට වැඩිදියුණු කළ බහුකාර්ය හැකියාව සමඟ එන ඊළඟ පරම්පරාවේ ජංගම දුරකථන කාර්යක්ෂමතාවයක් Galaxy Z Fold2 දුරකථනය තුළින් අපට අත්විඳිය හැක. ඔබ වැඩකරන ක්‍රමයට නිවැරදිව ගැළපෙන පරිදි නිර්මාණය කර ඇති Galaxy Z Fold2 හි සුවිසල් තිරයෙන් ඔබේ එදිනෙදා ජීවිතයේ උපරිම ප්‍රයෝජනයක් අත්විඳින්න. දිගු කාලයක් පවත්වාගෙන එන Galaxy සන්නිවේදන නායකත්වයේ උරුමය මත ගොඩනැංවෙමනින් නැවත වරක් ජංගම දුරකථන නව්‍ය හඳුන්වාදීම් සහ සන්නිවේදන ඉංජිනේරු තාක්ෂණයේ සීමා මායිම් අභිබවා යාමට Samsung සමත්විය. එහි ඇති 5G සන්නිවේදන තාක්ෂණ (ශ්‍රී ලංකාව තුළ ඇති 5G තාක්ෂණ පහසුකම් ලබාදීම මත රඳාපවතී) හැකියාවට ස්තුතිවන්ත වන්නට භාවිතා කරන්නාට අධික වේගවත් අන්තර්ජාල පහසුකම් අත්විඳීමේ අවස්ථාව ද උදාවේ. අවහිරයකින් තොර කාර්ය ඵලදායීතාවක් ලබාගැනීම වෙනුවෙන් රැහැන් රහිත Samsung DeX සබඳතාවය ද ලඟ සිටින කෙනෙකු සමඟ ෆයිල්ස්, ෆොටෝස් හෝ විඩීයෝස් වේගයෙන් සහ පහසුවෙන් ශෙයාර් කරගැනීමේ හැකියාව ලැබෙන UWB (Ultra Wide Band) තාක්ෂණයෙන් ද Galaxy Z Fold2 දුරකථනය බලගන්වා ඇත. 

මිලදී ගැනීමේ අවස්ථා

උසස් සහ සදාකාලිකබවක් ඇති Mystic Bronze වර්ණයෙන් පැමිණෙන Galaxy Z Fold2 දුරකථනය Samsung ආයතනයේ සන්නිවේදන සහකරුවා වූ ඩයලොග් ආයතනයේ දී මෙන්ම බලයලත් නියෝජිතයන්වන John Keells Office Automation සහ Softlogic Retail අලෙවිසැල් වලදී සෑම මිලදී ගැනීමකටම One-time screen replacement  දීමනාවක් සහිතව මිලදී ගත හැක. Galaxy ZFold2 පාරිභෝගිකයන් වෙනුවෙන්ම වෙන්කළ 0117540540 Galaxy Premier දුරකථන අංකයට අමතා පාරිභෝගිකයන්ට ඕනෑම සහයක් ලබාගැනීමේ අවස්ථාව හෝ Live Chat හරහා එම අවස්ථාවේම ප්‍රතිචාර දක්වන Samsung Members වෙත තමන්ගේ ඕනෑම විමසීමක් සිදුකිරීමේ පහසුකම් සළසා දී ඇත.