ඇමරිකානු රාජ්‍ය ලේකම් ජනපති හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (27) පස්වරුවේ දී මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

මෙම හමුව පිළිබඳව මෙරට ඇමරිකානු තානාපති කාර්යලයීය නිල ෆේස්බුක් ගිණුමෙහි මෙයාකාරයෙන් සටහනක් තබා ඇත.

“වසංගතයෙන් පසුව ආර්ථිකය යථා තත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදබවින් යුත් වෙළඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සඳහා අපගේ පොදු කැපවීම පිළිබඳව සාකච්ඡා කිරීමට පොම්පෙඕ රාජ්‍ය ලේකම්තුමා අදදින රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවිය.