තාක්ෂණික දෝෂයක් ඇතිව තිබූ චීන PCR යන්ත්‍රයේ පරීක්ෂණය සාර්ථකයි

තාක්ෂණික දෝෂයක් ඇතිව තිබූ මුල්ලේරියාව මූලික රෝහලේ පී.සී.ආර්. යන්ත්‍රයේ දෝෂ හඳුනාගැනීමෙන් පසුව එය නිවැරදි කර සිදුකළ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

එම යන්ත්‍රය අද දිනයේ සිට ක්‍රමයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොදා ගැනීමට නියමිතය.

එසේම යන්ත්‍රය ස්ථාපිත කර ඇති රසායනාගාරයද පරීක්ෂා කළ බව තානාපති කාර්යාලය දන්වා සිටියි.

යන්ත්‍රයේ දෝෂයක් ඇතිවීමෙන් පසුව එය නිවැරදි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හදිසි ඉල්ලීම අනුව චීන තාක්ෂණක කණ්ඩායමක් ඉතාමත් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට පැමිණියේය.