DFCC බැංකුව BestWeb.lk 2020 සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලබයි

සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා වූ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි විසින් (දකුණේ සිට පළමුවැනියට* ‘වසරේ ජනප‍්‍රියම වෙබ් අඩවිය’ සම්මානය DFCC බැංකුවේ උප සභාපති (ඩිජිටල් ක‍්‍රමෝපාය) දිනේෂ් ජෙබමනි මහතා (දකුණේ සිට දෙවැනියට) වෙත පිරිනමන ලද අවස්ථාව

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය යළිත් වරක් තහවුරු කරගනිමින් මෑතකදී පැවති BestWeb.lk 2020 සම්මාන උළෙලේදී සම්මාන 4 කින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ LK Domain Registry මගිනි.

පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ඩිජිටල් තාක්ෂණ භාවිතය අතින් විශිෂ්ටතම බැංකුව බවට පත්වීමේ ආයතනික ක‍්‍රමෝපාය මුල්කර ගනිමින් සිය වෙබ් අඩවියට එක්කරන ලද නවතම විශේෂාංග හේතුවෙන් DFCC බැංකුවට මෙහිදී ‘ජනප‍්‍රියම වෙබ් අඩවිය’ (ජයග‍්‍රහණය), ‘විශිෂ්ටතම දෙමළ භාෂා වෙබ් අඩවිය’ (ලෝකඩ සම්මාන), ‘විශිෂ්ටතම සිංහල වෙබ් අඩවිය’ (කුසලතා සම්මාන), සහ ‘විශිෂ්ටතම බැංකුකරණ වෙබ් අඩවිය’ (කුසලතා සම්මාන) යන කාණ්ඩ යටතේ සම්මාන හිමි විය.

දිවයිනේ ප‍්‍රමුඛතම වෙබ් අඩවි සම්මාන උළෙල ලෙස සැලකෙන මෙම සම්මාන උළෙලේදී නිර්මාණශීලීත්වය, තාක්ෂණය අතින් උසස් බව සහ පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව වැනි සාධක රාශියක් අනුව, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලකගේ තීරණ සහ ජනතා කැමැත්ත පදනම් කරගෙන ජයග‍්‍රාහකයන් තෝරාගැනේ. මෙම වසරේදී ‘ජනප‍්‍රියම බැංකු හා මූල්‍ය වෙබ් අඩවිය’ සම්මානයද දිනා ගනිමින් මෙවර සම්මාන උළෙලේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ වෙබ් අඩවිය බවට පත්වීමට DFCC චෙබ් අඩවිය සමත් විය.

FITIS සභාපති අබ්බාස් කම්රුදීන් මහතා විසින් (දකුණේ සිට පළමුවැනියට* ‘වසරේ විශිෂ්ටතම දෙමළ භාෂා වෙබ් අඩවිය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානය DFCC බැංකුවේ ඩිජිටල් බැංකුකරණ කණ්ඩායමේ ඔෂේන් සොයිසා මහතා (දකුණේ සිට දෙවැනියට* වෙත පිරිනමමින්

ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතා අනුව සේවාවන් සැලසීම සඳහාම සැලසුම් කළ විශේෂාංග රාශියක් DFCC බැංකුවේ වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. එහි නවතම ත‍්‍රයිභාෂා සේවාව නිසා දැන් ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් තමන් කැමති භාෂාවකින් සේවාවන් ලබාගත හැකි වේ. ශ‍්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතය වේගයෙන් පුළුල් වෙමින් පවතින පසුබිමක මෙම නව සේවාව නිසා  ඕනෑම ප‍්‍රදේශයක,  ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට DFCC බැංකුවේ වෙබ් අඩවියට පිවිසී නිසි අවබෝධයකින් යුතුව එය භාවිතා කළ හැක. එමෙන්ම විවිධ බැංකු හා මූල්‍ය සේවාවන් සඳහා අවශ්‍ය වන අයදුම් පත‍්‍ර හා ආකෘති පත‍්‍ර මෙම වෙබ් අඩවියට ඇතුළත් කර ඇති නිසා, කෙනෙකුට තම නිවසේ හෝ කාර්යාලයේ සිටම ඉතාමත් පහසුවෙන් එම සේවාවන් ලබාගත හැකි වේ. උදාහරණයක් ලෙස, ක්‍රෙඩිට් කාඞ්පතක් සඳහා අයදුම් කිරීමේදී කෙනෙකුට ඊට අදාළ අන්තර්ජාල අයදුම් පත‍්‍රය භාවිතා කළ හැකි අතර, එය පුරවා ඉදිරිපත් කළ පසු ලියාපදිංචිකරණ ක‍්‍රියාවලිය සඳහා බැංකුවේ නියෝජිතයෙකු අදාළ ගනුදෙනුකරු හා සම්බන්ධ වනු ඇත. මෙය ප‍්‍රතිලාභ රාශියක් පිරිනමන DFCC ක්‍රෙඩිට් කාඞ්පතක් වඩාත් පහසුවෙන් තමන් සතු කරගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට ලැබෙන මහ`ගු අවස්ථාවකි. මෙලෙසම කෙනෙකුට ඉතුරුම් ගිණුමක් විවෘත කිරීම වැනි කටයුතු සඳහාද ඉතාමත් පහසුවෙන් DFCC බැංකුවේ වෙබ් අඩවිය භාවිතා කළ හැකි වේ.

DFCC බැංකුව මෙලෙස ඇගයීමට ලක්වීම සම්බන්ධයෙන් එම බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. ”අපගේ වෙබ් අඩවියට ලැබුණු මේ ඇගයීම් ගැන අප බෙහෙවින් සතුටු වෙනවා. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් ලැබෙන ආකාරයට අපගේ සේවාවන් අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා අප දරන නිරන්තර උත්සාහයේ සාර්ථකත්වයට මෙය ඉතා හොඳ උදාහරණයක්. සාම්ප‍්‍රදායික නොවන බැංකු සේවා නාලිකා ඉහළ ප‍්‍රමිතියකින් යුතුව පවත්වාගැනීමේ වැදගත්කම අන් කවරදාකටත් වඩා අද අපට පැහැදිලිව දැනෙමින් තිබෙනවා. ගනුදෙනුකරුවන්ට වඩාත් උසස් මට්ටමේ සේවාවක් සැලසෙන ආකාරයේ ඩිජිටල් තාක්ෂණයන් හඳුනාගෙන ඒවා භාවිතා කිරීමට අප කිසිසේත් පසුබට වන්නේ නැහැ. උදාහරණයක් ලෙස, මෑතකදී DFCC වෙබ් අඩවිය භාෂා තුනෙන්ම භාවිතා කිරීමේ පහසුකම සලසා දීම පෙන්වා දෙන්නට පුළුවන්. ඒ වෙනුවෙන් අපට මෙම සම්මාන උළෙලේදී  සිංහල හා දෙමළ කාණ්ඩ වල සම්මාන හිමි වුණා. මෙය DFCC බැංකුව සතු ‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය යළිත් වරක් තහවුරු කෙරුණු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.”