Tuesday, November 10, 2026

මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් කිරිබත්කුඹුරට පැමිණෙයි

මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා විසින් ස්වයං බැංකුකරණ ඒකකය විවෘත කළ අයුරු.

මහජන බැංකුව සිය ශාඛා සහ සේවා මධ්‍යස්ථාන ජාලය 739 දක්වා ඉහළ නංවාගනිමින්,  එහි සේවා මධ්‍යස්ථානයක් පසුගියදා කිරිබත්කුඹුරේදි විවෘත කරන ලදි.

මහජන බැංකුවේ පේරාදෙණිය ශාඛාවට අනුබද්ධිත මෙම සේවා මධ්‍යස්ථානය අති නවින තාක්ෂණයෙන් සහ සුවිශේෂි සේවාවන්ගෙන් සමන්විතය. එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) තුළින් මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරිමේ හා බිල්පත් පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.

මහජන බැංකුවේ කිරිබත්කුඹුර සේවා මධ්‍යස්ථානය විවෘත කළ අයුරු සහ මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා විසින් මුදල් තැන්පතුවක් සිදුකළ ගනුදෙනුකරුවෙකුට තිළිණයක් පිරිනැමූ අයුරු

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී, මහනුවර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ගරු නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, මහනුවර ප‍්‍රාදේශිය කළමනාකාර එම්.ඩී. දිසානායකල  සහකාර ප‍්‍රාදේශිය කළමනාකාරවරුන් වන උදය දිසානායක හා තිස්ස තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු ගයාන් දිසානායක, පේරාදෙණිිය ශාඛා කළමනාකාර කේ.එම්.පි.පි කුලතුංග යන මහත්වරුන් සහ කිරිබත්ගොඩ සේවා මධ්‍යස්ථාන කළමනාකාරිනි රංගා එරන්දි මහත්මිය ඇතුඵ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.