කොරියානු ධිවර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 1047ක්

කොරියානු ධීවර ක්ෂේත්‍රෙය් රැකියා 1047ක් මේ වසර තුළදී මෙරට ශ්‍රමිකයින්ට ලබා දෙන බවට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට කාර්යාලය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී ඇත.

අමාත්‍යවරයා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කිරීමට සදහා ගිය අවස්ථාවේදී, එම දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂ ලී මහතා මෙම රැකියා අවස්ථා ලංකාවේ ශ්‍රමිකයින්ට ලබාදෙන බවට සහතික වී තිබේ.

ඒ සදහා වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ඔක්තෝබර් මසදී පැවැත්වේ.

ඒ අතර මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටි ශ්‍රමිකයින් සදහා ලබන වසරේදී වෙනත් ක්ෂේත්‍රයකින් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමටද කටයුතු කරනු ඇත.