පැතිකුදය රෝගී තත්ත්වය තුරන් කිරීම සඳහා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ලබන මාර්තු කොළඹ දී පැවැත්වෙයි

මෙරට දරුවන් දීර්ඝකාලීනව පීඩාවට පත්වන පැතිකුදය රෝගී තත්ත්වය තුරන් කිරීම සඳහා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ලබන සෙනසුරාදා (02) කොළඹ දී පැවැත් වේ.

ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ අනුග්‍රාහක සත්කාරය ඇතුව මෙය සංවිධානය කරනු ලබන්නේ ලංකා E doc ආයතනය බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය නිලූකා වැලිකල මහත්මිය පවසන්නීය.

කොළඹ සහ ගම්පහ ජාතික පාසල් රැසක දරු දැරියන් සහභාගීත්වයෙන් මාර්තු 02 සෙනසුරාදා පෙරවරු 7.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට විහාරාමහා දේවි උද්‍යානය දක්වා ගමන් කරන මෙම පා ගමන ප්‍රවාහන අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරයි. 
පා ගමන අවසානයේ  විහාරමහා දේවි උද්‍යානයේ දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායනය එදින පස්වරු  දෙක දක්වා පැවැත්වෙන බව ආචාර්ය වැලිකල මහත්මිය පවසන්නීය.

මෙම පා ගමනට හා  සායනයට ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ ජාත්‍යන්තර අංශයේ උප සභාපති ජිතු ජෝස් ,එම රෝහලේ ශල්‍යකර්ම ආයතනීය ප්‍රධානී සජන් කේ හෙග්ඩේ,  එහි කොඳුවට  පෙළ ශල්‍ය වෛද්‍ය විශේෂඥ අප්පායි ක්‍රිෂ්ණන්, වෛද්‍ය විග්නේෂ් සහ ඉන්දීය හා ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරු ද  එක් වෙති.

සැක සහිත පැතිකුද රෝග තත්ත්වයන් ඇති දරුවන්ගේ දෙමව්පියන් තම දරුවන් මෙම සායනයට රැගෙන එන ලෙස ද ඒ පිළිබඳව  වැඩිදුර  තොරතුරු සහ ලියාපදිංචි වීම 0743913395 WhatsApp අංකය ඔස්සේ සිදුකළ හැකි බව ද ආචාර්ය වැලිකල මහත්මිය නිවේදනය කරයි.