Tuesday, November 10, 2026

සිංගර් වෙතින් ඉහළ ධාරිතාව ඇති ස්මාර්ට් ඉන්වර්ටර් ශීතකරණ මාදිලි හයක්

ශ්‍රී ලංකාවට කල්පවතින භාණ්ඩ හඳුන්වා දීමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, නවතම ශීතකරණ මාදිලි 06 ක්, කිංස්බරි හෝටලයේදී පසුගියදා (2019.11.06) එලි දැක්විය. එලිදැක්වීමේ උළෙල, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාගේ හා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් විජේවර්ධන, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහිදී අලුතෙන්ම හඳුන්වා දුන් මාදිලිවල විශේෂත්වය නම්, ඒ්වා ලීටර් 260 සිට ලීටර් 300 දක්වා ඉහල ධාරිතිවයකින් යුක්ත වීමයි. R600a ශක්තිය ඉතිරි කරන, ඉන්වර්ටර් තාක්ෂණයෙන් යුත් මෙම ශීතකරණ, වැඩි ශක්තියක් වැයවන අනෙකුත් ශීතකරණ අතර සුවිශේෂී වෙයි.

2013 වසරේදී, ශක්තිය ඉතිරි කරන අංග ඇතුලත් ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වූ R600a තාක්ෂණය දකුණු ආසියාවට හඳුන්වා දීමේ පුරෝගාමියා සිංගර් ශ්‍රී ලංකා සමාගම විය. ශ්‍රී ලංකාවේ ශීතකරණ වෙළඳපොළෙන් 50% කට වැඩි වෙළඳපොළක් අත්පත් කර ගෙන සිටීමේ හැකියාවද සිංගර් ශ්‍රී ලංකා සමාගම සතුව තිබේ. ඒ හැරුණ විට, 2017 අග භාගයේදී මුල්වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කල Geo Smart Intelligent ශීතකරණයද සිංගර් ශ්‍රී ලංකා සමාගම වෙතින් වෙළඳපොළට නිකුත් කෙරිණි. 2013 වසරේ පටන් මේ දක්වා සිංගර් ශ්‍රී ලංකා සමාගම, ශීතකරණ මිලියනයකට වඩා අලෙවි කර ඇතැයි සාඩම්බරයෙන් සඳහන් කරයි. අඩු බල ශක්තියක් වැය වන එම පරිසර හිතකාමී ශීතකරණය භාවිතයේ ඇති වාසි පිලිබඳව ප්‍රචාරය කළ සිංගර් පාරිභෝගිකයෝද ශීතකරණ වෙළඳපොළ ජය ගැනීමට සිංගර් ශ්‍රී ලංකා සමාගමට සහය දැක්වූහ.