ලොව උසම ස්ථානයේ පැවති විලාසිතා දැක්මේ ගිනස් වාර්තාවට ලංකාවේ ඔනෙලාත් එක්වේ

ලොව උසම ස්ථානයේ සිට පැවැත්වූ විලාසිතා දැක්ම ලෙස ගිනස් වාර්තාවක් තැබීමට නේපාලය ඉකුත්දා සමත් විය. ‘Mt. Everest Fashion Runway’ නමින් සංවිධානය කර තිබුණු මෙම විලාසිතා දැක්ම එවරස්ට් කදුවැටියේ මීටර 5291ක් උසින් යුතු ස්ථානයක ඉදිවූ වේදිකාවක් මතදී පවත්වනු ලැබිණි .එම ගිනස් වාර්තාව තැබීම වෙනුවෙන් මෙරට රූපරාජිනියක් වන  ඔනෙලා ගුණසේකර දායක වී තිබීම ශ්‍රී ලංකාවටද මහත් අභිමානයක් ගෙන දුන්නේය.