අනාගතය උදෙසා ස්මාර්ට් ජංගම දුරකථනවල පරිණාමය

2022 දී ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 6.56 ඉක්මවා යාමත් සමඟ, ලෝක ජනගහනයෙන් 83.7% කට වඩා ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිතා කරන අතර, ස්මාර්ට් ජංගම දුරකථන විසින් අපගේ ජීවන රටාව මුළුමනින්ම වෙනස් කිරීමකට භාජනය කොට ඇත. තීව්‍ර සම්බන්ධතා ජාලයක් ගොඩනඟා ගැනීමෙන් ස්මාර්ට්ෆෝන්, පාරිභෝගිකයින්ගේ එදිනෙදා කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීමට ඉඩ සලස්වා ඇත.


ස්මාර්ට්ෆෝන්හි අනාගතය
ඇමතුම් සහ කෙටි පණිවිඩ යැවීමේ අරමුණින් නිර්මාණය වුනු දුරකථන සමඟින් ආරම්භ වූ ගමන අද වන විට අසීමිත අවස්ථාවන් විවර කරමින් අධි සම්බන්ධිත ස්මාර්ට්ෆෝන් පරිසර පද්ධතියක් බවට පරිවර්තනය වී තිබේ. ඔබගේ එදිනෙදා ක්‍රියාකාරකම් කළමනාකරණය කිරීමේ සිට ඔබගේ ජීවන රටාවල තේරීම් සහ පුරුදු ස්වයංක්‍රීයව සිදු කිරීමට අවශ්‍ය සෑමදේම සැපයීම දක්වා, ස්මාර්ට් ෆෝන් නිමක් නැති හැකියාවන්ගෙන් යුත් නව යුගයක් විවෘත කර ඇත. AI, ML, 5G, IoT වැනි තාක්ෂණික නවෝත්පාදනයන් ඔස්සේ අලුතින් සකස්කිරීමට ලක් කිරීම තුලින් ස්මාර්ට් ජංගම දුරකථන අනාගතයට සුදානම් කිරීම සිදු කොට ඇත. නව ස්මාර්ට්ෆෝන් යුගය තුළ LCD, OLED සහ AMOLED වැනි සිතාගත නොහැකි විශේෂාංග සහ Augmented reality, seamless voice control සහ තවත් බොහෝ දේ ඇත.


ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සන්නාමයන්ගෙන් එකක් වන vivo හට ‘industry-firsts’ සංකල්පය තුලින් සිය අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට හැකියාව ලැබී ඇත. ස්මාර්ට් ජංගම දුරකතනයකට Hi-Fi ගුණාත්මක ශ්‍රව්‍ය චිපයක් දැමූ පළමු අවස්ථාව වීමේ සිට, ලොව සිහින්ම ස්මාර්ට් ජංගම දුරකථනයේ වාර්තා බිඳ දැමීම දක්වා, vivo හට තාක්ෂණයේ නවතම අත්දැකීම් හඹා යාමට හැකියාව ලැබී ඇත. vivo විසින් In-Display Fingerprint Scanning Technology හි පුරෝගාමිය වෙමින්, ආරක්ෂිත විකල්පයන්ට බාධාවක් නොවන පරිදි දෘශ්‍ය ඇඟිලි සලකුණු පෑඩ් ඉවත් කරන ලදී. chip V1+ හදුන්වා දීමත් සමඟ ප්‍රමුඛ පෙළේ දෘශ්‍ය ගුණාත්මක භාවයෙන් යුත් රූප සහ වීඩියෝ ලබා ගැනීමට හැකියාව සැලසීමෙන් vivo සිය ස්වාධීන R&D ක්‍රියාවලිය ලොවට හඳුන්වා දී ඇත.


ස්ථායී තාක්ෂණයන් හරහා ඡායාරූප ශිල්පීන් සවිබල ගැන්වීම
ස්ථායී කැමරා තාක්ෂණයන් යොදාගැනීම තුලින් අනාගත ස්මාර්ට්ෆෝන් ඉදිරිපස කැමරා සඳහා ප්‍රමිතිය සැකසීමේ පියවර සනිටුහන් කරයි. OIS විසින් මෘදුකාංග-දෘඪාංග සහයෝගීතාවයක් නිර්මාණය කිරීම තුලින් handheld සහ motion shots සඳහා අතිශය ස්ථායීකරණ හැකියාවන් ලබා දෙයි. OIS යනු දුරකථනයේ චලනය හඳුනා ගැනීමට සහ ඡායාරූපවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා ස්වයංක්‍රීයව කැමරාව සකස් කිරීමට උපකාරී වන දැවැන්ත තාක්‍ෂණයකි. එමගින් පරිශීලකයින්ට සුවිශේෂී ඡායාරූප අත්දැකීමක් ලබා දේ.


ඒ හා සමානව, vivo විසින් Eye Autofocus සමඟින් නොපැහැදිලි රූප සඳහා විසඳුමක් සොයාගෙන ඇත. මෙම විශේෂාංගය මගින් චලිතයේදී පවා අවස්ථාවන් බාධාවකින් තොරව ග්‍රහණය කර ගැනීම සඳහා අවස්ථාව සලසයි. මෙම අධි තාක්‍ෂණික දියුණුව ඔවුන්ගේ ස්මාර්ට්ෆෝන් වෙත ගෙන ඒම මගින් vivo විසින් ඔවුන්ගේ කැමරා පරිණාමයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.


5G තාක්ෂණයේ පැමිණීම
සමාජ දුරස්ථභාවය යටතේ වැඩකටයුතු සිදුවන යුගයක් තුල ශ්‍රී ලංකාව විසින් ඩිජිටල් විප්ලවයක් හඳුන්වා දී ඇත. 5G මගින් සක්‍රීය කර ඇති අසමසම අධිවේගී සහ ප්‍රමාදයන්ගෙන් තොර සම්බන්ධතා ඔස්සේ කටයුතු කිරීමට බොහෝ සේවාවන් සූදානම්ය. ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ 5G තාක්ෂණය මත අත්හදා බැලීම් සිදුකරන ප්‍රථමයා බවට පත්ව ඇති අතර, ක්‍රියාකාරී 5G ජාලයක් තිබීමේ දැවැන්ත ප්‍රගතියක් අත්කරගෙන ඇත. ඔවුන් ජාත්‍යන්තර කේබල් රාශියකට සම්බන්ධ ජාතික ෆයිබර් ඔප්ටික් ජාලයක් ගොඩනගමින් සිටී. ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් ඉදිකරන ලද සහ කළමනාකරණය කරන මෙම කිලෝමීටර 45,000ක ජාලය, 5G තාක්ෂණය ඇතුළු ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම සේවා ලබා දීමේ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරයි. කලාපයේ පවතින 5G විසින් මූලික වශයෙන් ක්‍රියාවලීන් වෙනස් කරන අතර කර්මාන්ත සහ ව්‍යාපාර නව ආරයකින් නැවත හැඩගස්වනු ඇත. මෙම තාක්ෂණයේ පැමිණීම මගින් පරිශීලකයින්ට වේගවත් සහ ඉතා අඩු ප්‍රමාදයක් සහිත අත්දැකීමක් ලබා දෙයි.