රුවල් නැවක යන්න, කොළඹ එන්න

සටහන හා ඡායාරූප : නිශාන්ත අල්විස්

ශ්‍රී ලංකාව යනු, සංචාරක පරාදීසයක් මෙන්ම, ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් බැවින් අතීතයේ සිට, දේශ ගවෙිෂකයින්ගේ වැඩි ආකර්ෂණයක් මෙරටට ලැබී තිබුණි. තමිබපණ්ණී, සෙරන්ඩිබි නමින් විදේශිකයන් ශ්‍රී ලංකාව හඳුන්වන කාලයේ පටන් මෙරට සොයා ගෙන ආ දේශ ගවෙිෂකයින් මෙරටට සේන්දු වුයේ, රැවල් නැව් උපයෝගී කර ගනිමිනි.


මෙරට මුහුදු ගවෙීෂණයට ලැදියාවක් දක්වන, දෙස් විදෙස් සංචාරකයින්ට කොළඹ වරාය නගරය විවෘත කිරීමත් සමඟ, ඒ ආශ්‍රිත මරීනා තටාංගනයෙන් රැවල් නැව් සේවාවන් සේල් ලංකා චාටර් ප්‍රයිවට් ලිමිටඩ් (Sail Lanka Charter Pvt Ltd) සමාගමෙන් ඉකුත්දා ආරමිභ කෙරිණි.


යොට් යාත්‍රා සංචාර, උදේ, දහවල්, රාත්‍රී ලෙස සංවිධාන ⁣⁣කර ඇති අතර රාත්‍රී සංචාර වල මෙන්ම දිවා සංචාර වලදී ප්‍රණීත ආහාර පාන ලබාදෙයි.


මෙහිදී ඉන්දීය සයුරේ නිල් වන් අහස යට පිහිනීම, කිමිදීම, මුහුදු ජලය මත පාවීම වැනි මුහුදු ක්‍රියාකාරකම් වල නිරත වෙමින්, දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රනීන ආහාර මෙන්ම ඩොල්ෆින් වැනි විසිතුරු මසුන් දැක ගත හැකිය.


එමෙන්ම, මංගල හා විශේෂ සාද, හමුවීමි, උපන් දින සාද මෙන්ම මංගල හා අනෙකුත් ජායාරූපකරණ අවස්ථා ද සිදු කළ හැකිය.


ස⁣ජීවි සංචාරයේ මනරමි දසුන් විඳ, සමුද්‍රීය අත්දැකීමි සමිභාරයක් ලබාගන්නට තනි, කණ්ඩායමි හා කුඩා කණ්ඩායමි වලට අවස්ථාව ලබාදීමට ද සේල් ලංකා චාටර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම තීරණය කර තිබේ.