රකුටෙන් වයිබර් 2020 වසරේ පළමු අර්ධය සාර්ථකව නිම කරයි

මන්දගාමී ව්‍යාපාරික වාතාවරණයක් යටතේ වුව ද උපරිම ඵල නෙලාගැනීමට වයිබර් සමත්වෙයි

කොවිඩ්-19 වසංගතය නිසා බොහෝ ක්ෂේත්‍රවල අවිනිශ්චිත තත්ත්වයක් මතු වූ අතර සිදුවූ පාඩුව ගණන් කළ නොහැකි තරම් ය. එහෙත් එම අවිනිශ්චිත වාතාවරණය යටතේ පවා 2020 වසරේ පළමු අර්ධය තුළ රකුටෙන් වයිබර් කණ්ඩායමට නව අත්දැකීම් සමූහයක් අත්විඳීමට මෙන්ම නව සන්ධිස්ථාන ළඟාකරගැනීමට ද හැකිවිය. ආසියානු පැසිෆික් කලාපය තුළ වයිබර් හි කාර්යසාධන මට්ටම සුවිශේෂී ප්‍රගතියක් අත්කරගැනීමට සමත්ව තිබේ. විශේෂයෙන්ම ඉකුත් වසරේ එම කාලසීමාවට සාපේක්ෂව මේ වසරේ මුල් අර්ධය තුළ වයිබර් Communities වෙත යවන ලද කෙටි පණිවුඩ (Messages) ප්‍රමාණය 208%කින් හා Communities හි නැරඹුම් වාර සංඛ්‍යාව 129%කින් වර්ධනය වී ඇත.

2019 වසරේ දත්ත හා සංසන්දනය කිරීමේදී මේ වසරේ මුල් අර්ධය තුළ වයිබර් දෛනික සක්‍රීය කිරීම් ප්‍රමාණය 39%කින් හා පොකුරු වශයෙන් යවන පණිවුඩ ප්‍රමාණය 91%කින් වැඩිවීමත් සමඟ සමූහ කරා යවන කෙටි පණිවුඩ (group messages) 34%කින් ද ඉහළ ගොස් තිබේ. තව ද දෙදෙනෙකු අතර හුවමාරු වන කෙටි පණිවුඩ ප්‍රමාණය 37%කින් ද Community පිටු නැරඹුම් වාර 118%කින් ද වර්ධනය වී ඇත.
එමෙන්ම කලාපීය සෙසු රටවල් තුළද විශේෂයෙන්ම වයිබර් Groups හා Communities හරහා ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට වයිබර් සමත්ව සිටී. 2019 වසරේදී ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන රටවල් අතුරින්, පිලිපීනය 95%, මියන්මාරය 41%, නේපාලය 67%, වියට්නාමය 43% හා බංග්ලාදේශය 48% ක් වශයෙන් වයිබර් Groups පණිවුඩ ප්‍රමාණය වර්ධනය වී තිබේ. වයිබර් Community නැරඹුම් වාර සංඛ්‍යාව ද එම වසරේදී, මියන්මාරයේ 106%, නේපාලයේ 195% හා නේපාලයේ 2.5 ගුණයකින් වශයෙන් වැඩි වී ඇත. බංග්ලාදේශයේ එම වර්ධනය 77%කි.

ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වයිබර් මේ වසරේ පළමු අර්ධයේදී සුවිශේෂී හවුල්කාරීත්ව ගණනාවකට මුලපිරීමට ද සමත්විය. ඒ සියල්ල හරහා කොවිඩ්-19 පිළිබඳ විශ්වාසනිය හා වැදගත් තොරතුරු ජනතාව වෙත සමිප කිරීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගන්නා අතරතුර ජනතාවට එකිනෙකා සමඟ සන්නිවේදන කටයුතු සිදුකිරීමේ අවකාශය උදාකිරීම අරමුණු කෙරිණි.
මේ අතර ශ්‍රී ලංකාවේ විශාලතම සුපිරි වෙළෙඳසැල් ජාලය වන කාගිල්ස් ෆුඩ්සිටි සමඟ එක්ව පාරිභෝගිකයන්ට තම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ළඟම පිහිටි කාගිල්ස් වෙළෙඳසැලෙන් ලබාගැනීමට හෝ නිවසටම ගෙන්වා ගැනීමේ විශේෂ ඩිජිටල් පහසුකමක් සලසා දීමට ද වයිබර් සමත්විය. ජාතික ලොතරැයි මණ්ඩලය ද තම මෙහෙයුම් කටයුතු සඳහා විශේෂ වයිබර් ඩිජිටල් පහසුකමක් ලබාගත් අතර එමගින් මාර්ගගත ක්‍රමය යටතේ ලොතරැයි මිලදී ගැනීමටත්, නිල ප්‍රතිඵල ජනතාව වෙත ලබාදීමට මෙන්ම ජයග්‍රාහකයින් දැනුම් දීමට ද හැකි වේ.
ශ්‍රී ලංකාවේ වැඩිම කාන්තා ගනුදෙනුකාර භවතුන් ප්‍රමාණයකට හිමිකම් කියන මහජන බැංකුව, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ ඩිජිටල් bot පහසුකමක් හා ස්ටිකර් පෙළක් එළිදැක්වීමට කටයුතු කළේය. භාෂා තුනෙන් ම ක්‍රියාත්මක රූපවාහිනී නාලිකා ත්‍රිත්වයක් ඇති මෙරට එකම මාධ්‍ය ආයතනය වන Newsfirst ආයතනය ද වයිබර් හා එක්ව ඩිජිටල් bot පහසුකමක්, ස්ටිකර් පෙළක් සහ Community සාමූහිකයක් මේ වසරේදී හඳුන්වාදුනි.

ලබන දෙසැම්බර් මාසයේදී එළැඹෙන තම 10වැනි සංවත්සරයට සමගාමීව වයිබර් පරිශීලකයන්ට සුවිශේෂී අත්දැකීම් රැසක් සමීප කිරීමට ද වයිබර් සැලසුම් කර තිබේ. එනම් ආරක්ෂිතව සන්නිවේදනය කිරීම සඳහා ජනතාව සවිබල ගන්වමින් වැඩකටයුතු පහසු කරමින් හා වෙළෙඳ නාම හා සම්බන්ධ වෙමින් ජීවිත කාලය පුරාවටම වැදගත් ඇප් මෘදුකාංගයක් බවට වයිබර් පත්කිරීමට අපේක්ෂා කෙරේ.
ඒ සමඟ, 2020 ආරම්භයේදීම පරිශීලක කේන්ද්‍රී විශේෂාංග කිහිපයක් අලුතින් හඳුන්වාදීමට ද පියවර ගෙන තිබේ. පරිශීලකයින්ට තිළිණ කෙරුණු මෙම විශේෂාංග පෙළ හරහා ඔවුන්ට වයිබර් සමඟ වඩා හොඳ අත්දැකීමක් හිමිවනු ඇත. ඩිජිටල් ජීවිතයකට හුරු වී සිටින ජනතාවට මෙම විශේෂාංග අතිශය ප්‍රයෝජනවත් වනු ඇත. My Notes විශේෂාංගය හරහා තමන්ගේ එදිනෙදා කාලසටහන් තම සියලු ඩිජිටල් මෙවලම් සමඟ සම්බන්ධ කිරීමට හැකි වේ. Birthday reminders විශේෂාංගය පරිශීලකයින්ගේ ප්‍රධාන පිටුවේ දර්ශනය වන අතර අදාළ දිනයේ උපන්දිනය සමරන තම වයිබර් මිතුරන් පහසුවෙන් හඳුනාගැනීමට ඒ හරහා අවකාශ සැලසේ. සංවේදී කෙටි පණිවුඩ කියැවීමෙන් අනතුරුව ඉබේටම මැකී යන Disappearing messages විශේෂාංගය ද වයිබර් පරිශීලකයින්ගේ නිර්මාණශීලීත්වය අවදි කරවන GIF Creator විශේෂාංගය ද අලුතින් හඳුන්වා දී තිබේ.

කොවිඩ්-19 හමුවේ ප්‍රතිචාර දැක්වීම හා ප්‍රජා සහභාගීත්වයේ වර්ධනය
කොවිඩ්-19 වසංගතය මතුවීමත්, ඉන් අනතුරුව නිරෝධායන නීති මතුවීමත් සමඟ වයිබර්හි Group වීඩියෝ හා Audio ඇමතුම් සඳහා එකවර සහභාගී විය හැකි ප්‍රමාණය 20 දෙනෙකු දක්වා ඉහළ නංවා ඇත. එමෙන්ම Communities විශේෂාංගය තුළ ඇති පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව ද පරිශීලකයින්ට හිමිකර දෙමින් ඩිජිටල් සන්නිවේදන ක්‍රමෝපායන් සැබෑ ජීවිතයට වඩාත් සමීප කරවීමට ද පියවර ගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් දියත් කළ chatbot විශේෂාංගය හරහා කොවිඩ්-19 පිළිබඳ තහවුරු කළ තොරතුරු හුවමාරු කරගැනුණු අතර වෛරසය පිළිබඳ ජනතාවට ඇති ප්‍රධාන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිමට ද ඒ හරහා හැකිවිය. මේ අතර පිලිපීනයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් තමන්ගේ ම වයිබර් Community සමූහයක් හා Kira Chatbot එකක් ආරම්භ කරන ලදී. කොවිඩ් වසංගතයට අදාළව පිලිපීනයේ වැදගත් තොරතුරු ජනතාවට ලබාදීම එහි අරමුණ විය. ව්‍යාජ පුවත් බැහැර කරලීම සඳහා ද එය භාවිතා විය.
ඊට අමතරව ආසියානු පැසිෆික් කලාපයේ තවත් ප්‍රධාන සෞඛ්‍ය ආයතන රැසක් සමඟ සහයෝගීතාවයෙන් කොවිඩ් වසංගතය පිළිබඳ තහවුරු කළ තොරතුරු ජනතාව වෙත සමීප කිරීමට වයිබර් සමත්විය. මියන්මාරයේ සෞඛ්‍ය හා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය , බංග්ලාදේශයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය, හා නේපාලයේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යංශය ඒ අතර විය.
ෆේස්බුක් සමඟ පැවති ව්‍යාපාර සබඳතා අත්හැරීම
2020 වසරේ මුල් අර්ධය තුළ වයිබර් ගත් තවත් ප්‍රධාන තීරණයක් ලෙස ෆේස්බුක් සමඟ පැවැති ව්‍යාපාර සබඳතා අත්හැරීම හඳුන්වාදිය හැක. ෆේස්බුක් ආයතනය දිගින් දිගටම ලාභ අරමුණු වෙනුවෙන් තම පරිශීලකයින්ගේ දත්ත අවභාවිත කිරීමත්, තම පරිශීලකයින්ගේ ආරක්ෂාව නොසලකා හැරීමත් සළකා බලමින් ඊට එරෙහිව නැඟී සිටි සෙසු දැවැන්ත සමාගම් හා එක්ව මෙම ක්‍රියාමාර්ගය ගැනීමට වයිබර් පියවර ගත්තේය. පරීශීලකයින්ගේ දත්ත ආරක්ෂාව තම ඉහළ ම ශක්තියක් ලෙස සලකන සන්නිවේදන මෘදුකාංගයක් වන වයිබර් ඒ සමඟ ෆේස්බුක්හි ඇති තම සියලු දැන්වීම් ඉවත් කරගැනීමටත්, සියලු මුදල් වෙන් කිරීම් අත්හිටුවීමටත් කටයුතු කළේය. ඊට අමතරව Facebook Connect හා GIPHY විශේෂාංග ද වයිබර් විසින් අත්හැර දමන ලදී.

වසංගත තත්ත්වය හමුවේ මතුවූ සමාජ දුරස්ථභාවය පිළිබඳ නීතිරීති හමුවේ පවා ජනතාව තම පුද්ගලිකත්වය හා පහසුව සලසාගනිමින් එකිනෙකා සමඟ ගුණාත්මක සබඳතාවක් පවත්වන බව ආසියා පැසිෆික් කලාපය තුළ වයිබර් වර්ධනය වීමත් සමඟ පෙනීයනවා යනුවෙන් රකුටෙන් වයිබර් ප්‍රධාන වර්ධන නිලධාරී ඇනා නමෙන්ස්කයා පැවසුවාය. පවතින තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් ඉදිරියට යාමට ජනතාව සවිබල ගැන්වීමට වයිබර් ක්‍රියාකළ ආකාරය පසුගිය මාස කිහිපය පුරාවටම අපට දකින්න ලැබුණා. ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය හා වයිබර් ඇප් එක භාවිත කරමින් පවුලේ සාමාජිකයින් හා හිතමිතුරුන් සමඟ සම්බන්ධ වීමටත්, ජීවිතයට සතුට ළඟාකරගැනීමටත්, අන්තර්ජාලය ඇසුරෙන් විනෝද වීමටත්, තහවුරු කළ ප්‍රවෘත්ති ලබාගැනීමටත්, නිවසේ සිටම ආරක්ෂිතව පණිවුඩ හුවමාරු කරගැනීමටත් ඔබට අවස්ථාව හිමියි.

වසරේ පළමු අර්ධය තුළදී මෙවැනි සුවිශේෂී වර්ධනයක් සමඟින්, වසරේ ඉතිරි කාලයත් එතැනින් ඉදිරියටත්, කොවිඩ් වසංගතයේ දිගුකාලීන බලපෑම් හමුවේ පරිශීලකයින්ට තවදුරටත් වයිබර් වෙතින් සේවා රැසක් ලබාදීමට රකුටෙන් වයිබර් සමාගම කැපවී සිටී.
වයිබර් ඔබේ අත්‍යවශ්‍ය ම ඇප් මෘදුකාංගය බවට පත්කිරීම අපේ දැක්මයි. එනම් වයිබර් හරහා ඔබව තවදුරටත් සවිබල ගන්වමින් ඔබට බොහෝ දෑ ළඟාකරදීමටත්, විසඳුම් සහිත වැදගත් සබඳතා ඔබ හමුවේ තැබීමටත් අපි අපේක්ෂා කරනවා යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.