DFCC බැංකුව නිවාස ණය අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කරයි

කෙනෙකුට තම දියුණුව ළඟා කරගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ තමන්ගේම කියා නිවසක් තිබීමයි. එහෙත් පුද්ගලික ඉතුරුම් වලින් පමණක් නිවසක් මිලදී ගැනීම, මෙබඳු කාලයක අතිශයින් දුෂ්කර ය. මෙම තත්ත්වය මැනැවින් වටහාගනිමින්, ‘කාටත් ගැළපෙන බැංකුව’ වන DFCC බැංකුව, ‘ගෙදර යමුද?.. යමු ඉක්මනින්ම තමන්ගේම ගෙදරකට’ යන තේමාව යටතේ නිවාස ණය ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

තමන්ගේම කියා නිවහනක් තිබීම කෙතරම් වටිනා දෙයක්ද යන්න පෙන්වා දීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කය වී ඇත. සමාජ මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මෙම වැඩසටහනට පුළුල් ප්‍රචාරයක් ලබාදීමට DFCC බැංකුව කටයුතු කරමින් සිටී.

DFCC නිවාස ණය යනු නිවසක් ඉදිකිරීමට පමණක් නොව, නිවසක් මිලදී ගැනීමට, ඉඩමක් මිලදී ගැනීමට, මහල් නිවසක් (Apartment) මිලදී ගැනීමට සහ නිවස අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තු වන අයටද සහනයක් වන ණය ක්‍රමයකි. රාජකාරි දින 3 ක් ඇතුළත ණය සඳහා අනුමැතිය හිමිවන අතර, අඩුම පොලී අනුපාත යටතේ, ණය ආපසු ගෙවීමට වසර 20 ක් දක්වා කාලය හිමි වේ. රු. 30,000/- හෝ ඊට වැඩි මාසික ආදායමක් උපයන ඕනෑම පුද්ගලයෙකුට DFCC බැංකුවේ නිවාස ණය සඳහා ඉල්ලුම් කළ හැක.

ඉල්ලුම්කරුගේ ආපසු ගෙවීමේ හැකියාව සහ අදාළ දේපළෙහි පසු-විකුණුම් වටිනාකම (Forced Sale Value – FSV) සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව, ලබාදෙන උපරිම ණය මුදල තීරණය කෙරේ. නිවසක් ඉදිකරන්නේ නම්, DFCC බැංකුව ලබාදෙන උපරිම ණය මුදල ප්‍රමාණ පත්‍රයේ (Bill of Quantity (BOQ) වටිනාකමින් 75% කට සමාන වේ.

ගනුදෙනුකරුවන්ට සමාන කළ මාසික වාරික ගෙවීමක් (Equated Monthly Installment Payment – ප්‍රාග්ධනය සහ පොලිය ස්ථාවර මුදලක් වන) හෝ සමාන මාසික වාරික ගෙවීමක් (Equal Monthly Installment Payment -ප්‍රාග්ධනය ස්ථාවර වශයෙන් පවතින සහ පොලිය ක්‍රමයෙන් අඩුවන ශේෂයක් වශයෙන් මාසිකව ගෙවීම) යන ක්‍රම දෙක අතරින් තමන්ට කැමති ක්‍රමය තෝරාගත හැක.

දිවයින පුරා විසිරුණු DFCC ශාඛා 139 අතරින් තමන් කැමති ශාඛාවත් වෙතට පැමිණ හෝ, DFCC බැංකුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ නිවාස ණය සඳහා ඉල්ලුම් කළ හැකි වේ. ගනුදෙනුකරුවන්ගේ පහසුව උදෙසාම හඳුන්වා දුන් අතිරේක සේවාවක් ලෙස, DFCC බැංකුවේ නියෝජිතයෙකු ගනුදෙනුකරුට පහසු ස්ථානයක් වෙත පැමිණ සේවාවන් සපයන ක්‍රමවේදයක්ද මේ වනවිට හඳුන්වා දී ඇත.

ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හොඳින් හඳුනන බැංකුවක් ලෙස DFCC බැංකුව පිරිනමන මෙම නිවාස ණය සේවාව, තමන්ගේම කියා නිවසක් හිමිකර ගැනීමට කල් යල් බලමින් සිටින බොහෝ දෙනෙකුට අස්වැසිල්ලක් වනු නිසැක ය. DFCC නිවාස ණය සමගින් නිවසක් යනු තවදුරටත් සිහිනයක් නොවේ.