රත්නපුර සිංහ රෝහල ආරෝග්‍යා ලයිෆ් සිස්ටම්ස් හා එක්වෙයි

ආචාර්ය දිල්හාන් එස්. ජයතිලක සහ නවින්ද වීරසිංහ යන මහත්වරුන් ලියවිල්ල හුවමාරු කර ගන්නා අවස්ථාව

රත්නපුර ප්‍රදේශයේ පිහිටි සිංහ රෝහල් පී. එල්. සී. ආයතනය සබරගමුව පළාතේ  සෞඛ්‍ය  සේවා අංශයේ ප්‍රමුඛ ස්ථානයක පසුවන ආයතනයකි. 2019 වසරේදී හොඳම ව්‍යවසායකයා හට හිමි සම්මානය හිමි කර ගනු ලැබුවේ ද සිංහ රෝහල විසිනි. ආරෝග්‍යා ලයිෆ් සිස්ටම්ස් ලංකා පුද්ගලික සමාගම සතු තාක්ෂණික සේවාවන් ලබාගෙන රෝහල් කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස තම පාරිභෝගිකයා වෙත ළඟා කර දීම අරමුණු කොටගෙන සිංහ රෝහල ආරෝග්‍යා ලයිෆ් සිස්ටම්ස් ලංකා පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. මෙම සම්බන්ධතාවය සඳහා වන ගිවිසුමට පසුගියදා රෝහල් පරිශ්‍රය තුළ දී අත්සන් තබන ලදී.

ආරෝග්‍යා ලයිෆ් සිස්ටම්ස් ලංකා පුද්ගලික සමාගම නියෝජනය කරමින් ඕෂාධී ගුණරත්න මෙනවිය (ප්‍රධානී – මෙහෙයුම්)  සහ ආචාර්ය  දිල්හාන්  එස්.  ජයතිලක මහතා (ප්‍රධානී – ව්‍යාපාර සංවර්ධන හා විකුණුම්) සහභාගි වූ අතර සිංහ රෝහල වෙනුවෙන් නවින්ද වීරසිංහ මහතා (කළමනාකාර අධ්‍යක්ෂක) සහ උපුල් සිල්වා මහතා (ප්‍රධානී –  තොරතුරු තාක්ෂණ)  සහභාගි වූහ.