කලාපිය තාක්‍ෂණ අධ්‍යාපනය නඟා සිටුවීමට ICTA සමග රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්වෙයි

කලාපිය මට්ටමින් කර්මාන්ත හා නව ආරම්බක ව්‍යාපාර වල තාක්ෂණික හැකියාවන් ක්‍රමානුකුලව වර්ධනය කිරම සදහා ප්‍රමාණවත් තාක්ෂණික ශ්‍රම බලකායක් බිහිකිරීමට පෞද්ගලික අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සමග එක්ව අධ්‍යාපන වැඩපිළිවලක් ආරම්භ කෙරේ. මෙය තොරතුරු හා සන්නිවෙදන තාක්ෂණ නියෝජිතායතය ICTA මගින් ක්‍රියාත්මක කලාපිය තාක්ෂණ ප්‍රවර්ධන පර්ෂද (Regional Cluster Development) සංවර්ධන වැඩපිළිවලට යටතේ ක්‍රියාත්මක කෙරේණු ඇත. එහි පළමු හමුව අන්තර්ජාලය ඔස්සේ පසුගියදා (24) පැවැත්විණි.

මෙම වැඩපිළිවල මගින් දිවයින කලාප පහක් යටතේ සංවර්දනය කෙරේ. ඒ ඒ කලාපවල පිහිටුවන තාක්ෂණ ප්‍රවර්දන පර්ෂද මගින් තාක්ෂණික පහුකම්, නවොත්පාදක විද්‍යාගාර, නවනිපයුම ව්‍යාපාර සදහා පහසුකම් , දැනුම සහ ආධාරක කේන්ද්‍රස්ථාන, ආරම්භක ව්‍යාපාර වර්ධනය සඳහා සුදුසු පරිසර පද්ධතියක්, තාක්ෂණික අධ්‍යාපන ආයතන ඇතුළු දැවැන්ත ධාරිතා වර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ඇත. වෘත්තීය මාර්ගෝපදේශනය සහ සිසුන්ගේ කුසලතා වර්ධනය කිරීම හා තාක්ෂණික බලකායක් පිහිටුවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අංගයකි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර දී අල්විස් මහතා මෙහිදී අදහස් දක්වමින් කියාසිටියේ දැනුවත්භාවය නොමැතිකම, අවශ්‍ය සම්පත් නොලැබීම ප්‍රාදේශීය වශයෙන් තාක්ෂණික අධ්‍යාපනයට බාධාවක් වී තිබෙන බවයි. මේ නිසා වැඩි සිසුන් සංඛ්‍යාවක් අතරට තාක්ෂණික දැනුම ගෙනයාම වැදගත්වේ.

තාක්ෂණ ශ්‍රම බලකාය, පෞද්ගලික අධ්‍යාපන ආයතන බොහෝ දුරට බස්නාහිර පළාතට හා ප්‍රධාන නගරවලට සංකේන්ද්‍රණය වී ඇති අතර ළමයින්ට ඊට සහභාගී වීමට නගරය වෙත පැමිණිය යුතුවතිබේ. මේවනවිට තාක්ෂණික ශ්‍රම බලකායක විශාල හිගයක් පවතී. මේ නිසා තාක්‍ෂණික දැනුමක් ඇති වෘත්තිකයන් ගොඩනැගීමේ වැදගත්කම සහ එය ආර්ථිකයට ධනාත්මක ලෙස බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව දී අල්විස් මහතා මෙහි තවදුරටත් පැහැදිලි කරන ලදී.

කලාපිය මට්ටමින් පවතින ගැටළු හදුනාගෙන නිශ්චිත වැඩපිළිවලක් ක්‍රියාවට නැගීමට , පුද්ගලික හා වෘත්තීය පුහුණු ආයතන සමූහයක් සමඟ එක්ව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් පවත්වනු ලබන පළමු හමුව මෙයයි. මෙම හමුවට ආයතන 24 ක් සහභාගී විය.

ඉදිරියේ දී රජයේ විශ්ව විද්‍යාල සහ වෙනත් අධ්‍යාපන / පුහුණු සපයන්නන් සමඟ තවත් සාකච්චා වට කීපයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව කලාපිය තාක්ෂණ ප්‍රවර්ධන පර්ෂද කටයුතු පිළිබඳ අධ්‍යක්ෂිකා ඉන්දුමිනි කොඩිකාර මහත්මිය මෙහිදී ප්‍රකාශ කරන ලදී. මෙම සාකච්ඡාවේ ප්‍රධාන අවධානය යොමු වූයේ පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා, කලාපයන්හි ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමේ අභියෝග සහ රජයේ මැදිහත්වීම ලෙස ඔවුන් අපේක්ෂා කරන දේ හඳුනා ගැනීමයි.

මෙහිදී අදහස් දැක්වූ තොරතුරු තාක්‍ෂණ අධ්‍යාපන ආයතනවල නියෝජිතයින් ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ සාමාන්‍යයෙන් සීමිත යටිතල පහසුකම් වලින් සංලක්ෂිත වන අතර තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සඳහා හිතකර පරිසර පද්ධතියක් මෙතෙක් නිර්මාණය වී නොමැති බවයි. ග්‍රාමීය ප්‍රදේශවල අවශ්‍ය වෘත්තීය අවස්ථා සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතන නොමැතිවීම හේතුවෙන් ග්‍රාමීය-නාගරික සංක්‍රමණය දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇත.

ගම් මට්ටමින් ක්‍රියාත්මක වන ආයතන කිහිපයක් සඳහා පවා කාර්ය මණ්ඩල සාමාජිකයින් ලෙස බඳවා ගැනීමට තාක්ෂණික සුදුසුකම් ඇති පුද්ගලයින් බොහෝ කලාපවල සොයාගත නොහැක. තොරතුරු තාක්ෂණ සමාගම් මධ්‍යගත කිරීම මගින් විශ්වවිද්‍යාල සහ පුහුණු ආයතනවලට එම ප්‍රදේශවල මෙහෙයුම් ආරම්භ කිරීමට හිතකර පරිසරයක් නිර්මාණය වී නොමැත.

අනෙක් අතට, පුහුණුව සඳහා ඇති සීමිත ධාරිතාව පිළිබඳ රට පුරා පොදු අභියෝගයක් තිබේ. මේ හා සම්බන්ධව, විෂයමාලාවේ ගුණාත්මකභාවය හා අදාළත්වය, ඉගැන්වීමේ ක්‍රමවේදයන් සහ අධීක්ෂණය හා ඇගයීම සම්බන්ධයෙන් අභියෝග තිබේ. මෙමඟින් උපාධිධාරීන්ට තාක්ෂණික හා කුසලතා වර්ධන පුහුණු අවස්ථා අහිමිවී තිබේ. මේ නිසා සිසුන් ඔවුන්ගේ අවම ප්‍රමුඛතාවය ලෙස තොරතුරු තාක්ෂණය තෝරා ගැනීමට නැඹුරුවිතිබේ. මෙම මතයවෙනස්කිරීමට ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කල යුතුව තිබෙන බව ඔවුහු පෙන්වා දුන්හ .

දැනුවත්භාවය වර්ධනය , කුසලතා වර්ධනය හා අවශ්‍යය පහසුකම් සැලසීම මගින් මෙම ඉලක්ක වෙත ගමන්කිරිමටත් ඒ සඳහා අවශ්‍ය ශ්‍රම බලකායක් බිහිකිරීම මගින් අවශ්‍ය පරිසර පද්ධතිය සකස් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය සැලසුම් කරයි. අවශ්‍ය ශ්‍රම බලකාය කලාපිය මට්ටමින් නිර්මාණය කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සියලු පාර්ශවකරුවන් සමඟ හවුල් වනු ඇත. රජය පාර්ශවයෙන් , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම, සහ කලාපිය ආයතනවලට ලබා දිය හැකි වෙනත් සහන සහ ප්‍රතිලාභ පිළිබඳව සොයා බලනු ලබන බව අනුර ද අල්විස් මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

සැසිවාරය අවසන් කරමින් ඉන්දුමිනි කොඩිකාර මහත්මිය පැවසුවේ “කලාපීය කුසලතා හඳුනා ගැනීමටත්, තාක්‍ෂණික ශ්‍රම බලකායට දායක වෙමින් ඉදිරියට යාමට ඔවුන්ට මඟ පෙන්වීමටත් මෙම එකතුව මගින් හැකිවනු ඇති බවයි.