ICBT Campus කොළඹ පරිශ‍්‍රයෙහි අති නවීන බටහිර ගොඩනැඟිල්ල නිල වශයෙන් විවෘත කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් වන ICBT Campus ආයතනය පසුගිය දා සිය ගමන් මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින්, කොළඹ 04 පිහිටි සිය ප‍්‍රධාන පරිශ‍්‍රය තව දුරටත් පුළුල් කරමින් අති නවීන පහසුකම් වලින් සමන්විත නව ගොඩනැඟිල්ල නිල වශයෙන් විවෘත කළේය.


නව බටහිර ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාව පසුගිය මාර්තු 21 වැනි දින ICBT Campus ආයතනයේ කළමනාකාරීත්වයේ හා ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.


කොළඹ 04, ක්‍රෙස්ටර් පෙදෙසෙහි නො 36 දරන ස්ථානයේ පිහිටා ඇති ICBT Campus ප‍්‍රධාන පරිශ‍්‍රයට එක්වුණු නව බටහිර ගොඩනැඟිල්ලෙහි විශාලත්වය වර්ග අඩි 80,000 ක් පමණ වන අතර එය තට්ටු 14 ක් පුරා පැතිරුණු ජාත්‍යන්තර ප‍්‍රමිතියේ නවීන පහසුකම්වලින් සමන්විතය.


මෙම නව පහසුකම් අතරට ආසන 350 කින් සමන්විත අර්ධ වෘත්තාකාර රංග පීඨයක් (Amphitheatre), Civil Engineering, Mechanical Engineering, Biomedical Engineering, Bio Science, Automobile iy Mechatronics විෂය ක්ෂේත‍්‍රයන් සඳහා වෙන් වූ අති නවීන විද්‍යාගාර සහ තවත් පහසුකම් රැසක් අයත් වේ. ඊට අමතරව තනි තනි ශිෂ්‍යයින් හා සිසුන් කණ්ඩායම් වලට අවැසි පරිදි නිර්මාණය කළ අධ්‍යයන පරිශ‍්‍රයක්ද මේ පහසුකම් අතර තිබීම විශේෂය.


මෙම නව ගොඩනැඟිල්ල එකතු වීමත් සමඟ ICBT Campus කොළඹ පරිශ‍්‍රයෙහි විශාලත්වය වර්ග අඩි 200,000 ඉක්මවන පුළුල් පරාසයක පැතිරෙන අතර ජාත්‍යන්තර ප‍්‍රමිතියේ පහසුකම් ඒ හරහා සිසුන්ට පිරිනැමේ.


ICBT Campus ආයතනය වසර 19 කට අධික කාලයක් පුරා ශ‍්‍රී ලාංකික සිසුන් හට දැරිය හැකි වියදමකට ජාත්‍යන්තර උසස් අධ්‍යාපන සුදුසුකම් හිමි කර දුන් දිවයිනේ ප‍්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයකි. ICBT Campus ආයතනය දිවයින පුරා විසිරුණු ශාඛා 09 ක් හරහා ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, භාෂා, විද්‍යාවන්, ජාලකරණය හා සයිබර් ආරක්ෂණය, මනෝවිද්‍යාව, දත්ත විද්‍යාව, හෙද, ඉංජිනේරු වැනි විෂය ක්ෂේත‍්‍රයන් ගණනාවක ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, පළමු උපාධි, ශාස්ත‍්‍රපති උපාධි ඇතුළු පුළුල් පරාසයක සුදුසුකම් ලබා දෙයි. ICBT Campus ආයතනය විසින් මෙම ජාත්‍යන්තර සුදුසුකම් පිරිනමනු ලබන්නේ ලොව ප‍්‍රකට එක්සත් රාජධානියේ කාර්ඩිෆ් මෙට්‍රෝපොලිටන් (Cardiff Metropolitan University), ලිවර්පූල් ජෝන් මුවර් (Liverpool John Moor University), බර්මින්ග්හැම් සිටි (Birmingham City), සන්ඩර්ලෑන්ඞ් (University of Sunderland) හා ඕස්ට්‍රේලියාවේ RMIT වැනි ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හා ඒකාබද්ධවය.


www.icbt.lk වෙබ් අඩවිය හරහා හෝ 011 4 777 888 දුරකථන අංකය අමතා ICBT Campus ආයතනය හා පාඨාමාලාවන් පිළිබඳව වැඩිදුර විස්තර ලබාගත හැක.