ෂෙඩ් එකට ඉන්ධන ආවම දැනගන්න ඇප් එකක්

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඇති ඉන්ධන තොග පිළිබඳව තොරතුරු ලබා ගත හැකි ජංගම දුරකථන යෙදවුමක් සකස් කරමින් සිටියි.
 
එමඟින් ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි. 
 
ඉන්ධන බෙදා හැරීමේ කාලසටහන් මෙන්ම ඉන්ධන හල් වල ඇති ඉන්ධන තොග ද මේ හරහා ලබාගැනීමට හැකියාව පවතී.
 
ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ නියෝජිතායතනය ( ICTA ) විසින් නිර්මාණය කරන එම දුරකථන යෙදවුම ඉදිරි දින 10ක කාලය තුළ එළිදැක්වීමට නියමිතව තිබේ.