
ලෝකප්‍රකට “වික්ටෝරියා සීක්‍රට්” වෙළෙඳ නාමය අනුකරණයකර නිෂ්පාදනය කළ ව්‍යාජ ලේබල් සහිත ආනයනික සුවඳ විලවුන් සන්තකයේ තබාගැනීම, අලෙවිය හා බෙදාහැරීම කළේ යැයි කියන පිටකොටුව ව්‍යාපාරිකයින් තිදෙනෙකුට රුපියල් ලක්ෂ හයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා .මහතා නියම කළේය.
බුද්ධිමය දේපල අයිතිවාසිකම් පනත උල්ලංඝනය කරමින් හා රටට හිමි විය යුතු බදු මුදල් අහිමි කර ආනයන කළ වික්ටෝරියා සීක්‍රට් අනුකරණ ව්‍යාජ සුවඳ විලවුන් සන්තකයේ තබා ගැනීම, විකිණීම හා බෙදා හැරීමේ චෝදනාවන්ට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඩ මුදල් නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා අත් අඩංගුවට ගත් භාණ්ඩ විනාශ කරන ලෙසටද නියෝග කළේය.
කොළඹ පිටකොටුව දෙවන හරස් වීදියේ නස්රීන් බියුටි සෙන්ටර් ,නරීස් හා කෙලින් වීදියේ යුම්නාස් යන වෙළඳසැල් තුනක නියෝජිතයින්ට මෙම දඩ මුදල නියම කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සමග සුදත් පෙරේරා නීතිඥ සමාගමේ උපදෙස් පරිදි පෙනී සිටි නීතිඥ දේශාන් හේවාවිතාරණ කරුණු දක්වමින් කියා සිටියේ වික්ටෝරියා සීක්‍රට්(Victoria secret) වෙළඳ නාමය අනුකරණය කරමින් ලෝකයේ රටවල් රැසක භාණ්ඩ නිෂ්පාදනය කර ව්‍යාජව බෙදා හරින බවයි. ශ්‍රී ලංකාවේ අනුකරන සුවඳ විලවුන් අලෙවි කරමින් පාරිභෝගිකයින් නොමග යවන බවට ලැබෙනු පැමිණිලි අනුව ඇමරිකාවේ වික්ටෝරියා සික්‍රට් බ්‍රෑන්ඩ් මැනේජ්මන්ට් සමාගම කළ පැමිණිල්ලක් අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම භාණ්ඩ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි දන්වා සිටි පැමිණිල්ලේ නීතිඥ දේශාන් හේවාවිතාරණ මෙම ව්‍යාජ භාණ්ඩ ආනයනය කිරීමේදී අඩු වටිනාකම් යෙදීම තුළින් රටට හිමි විය යුතු නියමිත බදු මුදල් අහිමි කරමින් අලාභයක් සිදුකර ඇති විත්තිකරුවන් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යයට අහිතකර භාණ්ඩ අලෙවි කරමින් අයුතු ලාභ ලබමින් සිටින බවද පැවැසීය. මෙම භාණ්ඩ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වීම හේතුවෙන් පාරිභෝගිකයන්ගේ සමට හානි සිදුවිය හැකි බව පෙන්වා දුන් නීතිඥ දේශාන් හේවාවිතාරණ විත්තිකරුවන් සන්තකයේ තිබී අනුකරන ව්‍යාඡ සුවඳ විලවුන් බෝතල් හාරසියයකට අධික ප්‍රමාණයක් පොලිසිය අත්අඩංගුවට ගත් බවද පැවසීය. එසේ අත්අඩංගුවට ගත් භාණ්ඩ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. . නුගේගොඩ හා දෙහිවල ප්‍රදේශයේ වෙළඳසැල් කීපයකම මෙවන් ආකාරයේ ව්‍යාජ අනුකරණ භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් කල නීතිඥ දේශාන් හේවාවිතාරණ , බුද්ධිමය දේපළ පනතේ 184 සහ 186 වගන්තිය ප්‍රකාරව වෙළඳ ලකුණු අනුකරණය කිරීම ,භාණ්ඩ නිෂ්පාදනය සන්තකයේ තබා ගැනීම විකිණීම වරදක් බැවින් පනත ප්‍රකාරව විත්තිකරුවන්ට දඩුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

අදාළ විත්තිකාර ආයතන වල නියෝජිතයින් අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් මුල් අවස්ථාවේදීම වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට එකඟ වන බව අධිකරණයට දන්වා සිටියේය.
ඔවුන් නොදැනුවත් බවින් මෙම භාණ්ඩ අලෙවි කර ඇති බවත් ,විත්තිකරුවන්ට සමාව ලබා දී,වරද පිළිගන්නා හෙයින් අවම දණ්ඩනයක් නියම කරන ලෙස විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටියහ.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන් විසින් අධිකරණයේ කාලය නාස්ති නොකර වරද පිළිගන්නා බැවින් රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ හයක දඩ නියම කරමින් අත්අඩංගුවට ගත් ව්‍යාජ සුවඳ විලවුන් විනාශ කරන ලෙසත් විමර්ශන ප්‍රගතිය ලබන 30 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළේය.පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නීතිඥ දේශාන් හේවාවිතාරණ සමග නීතිඥ ලක්‍ෂාණී පෙරේරා පෙනී සිටියහ.
































![ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය [SLC], වෙළද සේවා ක්‍රිකට් සංගමය [MCA] ‘සංවිධානය කරන තරඟාවලි සඳහා සුදු පන්දු ලබා දෙමින් අනුග්‍රහය ලබා දෙයි](https://bizreport.lk/wp-content/uploads/2025/07/WhatsApp-Image-2025-07-29-at-07.38.43-218x150.jpeg)





