National Project management Excellence Award-2023 6වන වරටත් පවත්වයි

Project Management Institute Sri Lanka Chapter විසින් 6 වැනි වරටත් පවත්වන National Project Management Excellence Awards- 2023 සහ ඊට සමගාමිව පැවැත්වෙන Project Management conference-2023 සමුළුව අති උත්කර්ශවත් අන්දමින් මෙවරත් කොළඹ කින්ග්ස්බරි හෝටලයේ දී අගෝස්තු 16 දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ 2023 වසරේදී අවසන් වූ සියලුම ව්‍යාපෘති ඇගයීමකට ලක්කොට එහි විශිෂ්ටයන් අගයමින් සම්මානයට පාත්‍ර කිරීම මෙහිදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

ව්‍යාපෘති කළමනාකරණ ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම ආයතනය වන Project Management Institute (PMI) හි ශ්‍රී ලාංකීය ශාඛාව වන Project Management Institute Sri Lanka Chapter මෙම සමුළුව සහ සම්මාන ප්‍රදානෝත්සවය සංවිධාන කරනු ලබයි. විශිෂ්ටතා සම්මාන උළෙල 2023 අගෝස්තු 16 වැනිදා සවස 6.30 සිට පැවැත්වෙන අතර ජාතික සමුළුව අගෝස්තු 16 වැනිදා උදේ 9.00 සිට හවස 4.30 දක්වා පැවැත්වීමට නියමිතය. වාර්ෂිකව පවත්වනු ලබන මෙම ජාත්‍යන්තර සමුළුව සහ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය පෙර වසරවලට වඩා සුවිශේෂී වන්නේ Project Management Institute Sri Lanka Chapter සිය 20 වැනි සංවත්සරය ද මෙවර සැමරීමයි. විසි වසරක ජාතික සහ ජාත්‍යන්තර කීර්තිය පැතිරවූ අභිමානය සමගින් ව්‍යාපෘති කළමනාකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටන් ඇගයෙන මෙවර සම්මාන ප්‍රදානෝත්සවය එදින මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන්නේ ලොව පුරා විසිරී පැතිරී සිටින දෙස් විදෙස් ව්‍යාපෘති කළමනාකරණ සාමාජිකයන් දහසකගේ පමණ සහභාගිත්වයෙනි.


විසි වසරක කාලයක් තිස්සේ ව්‍යාපෘති කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වයේ රැදී සිටීම මගින් සාක්ෂි දරනුයේ අත්දැකීම්වලින් පර්පූර්ණවෙමින් හා යාවත්කාලීන වෙමින්, ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් බිහිකිරීම වෙනුවෙන්ම Project Management Institute Sri Lanka Chapter කරන ලද අතිමහත් කැපවීමෙහි ප්‍රතිඵලයයි. රටවල් 100කට අධික සංඛ්‍යාවක 200ක අධික මධ්‍යස්ථාන ජාලයක ලක්ෂ 5කට අධික පිරිසක් සාමාජිකත්වය දරන ව්‍යාපෘති කළමනාකරණ ජාත්‍යන්තර ජාලයේ දේශීය ආයතනය වන Project Management Institute Sri Lanka Chapter ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටයන් බිහිකිරීමින් ලෝකයට දායාද කිරීමේ කර්තව්‍යයෙහි නියැලෙන්නේ මහත් අභිමානයෙනි.


ලොව පුරා පිළිගත් ප්‍රමිතීන්, සහතික කිරීම්, අධ්‍යයන පර්යේෂණ, ප්‍රකාශන, වෘත්තීය සංවර්ධන පාඨමාලා සහ ජාලකරණ අවස්ථා තුළින් වෘත්තීන් දියුණු කිරීම, ආයතනික සාර්ථකත්වය වැඩිදියුණු කිරීම සහ ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිය තවදුරටත් උසස් තත්වයට ප්‍රමිතිගත කිරීම උදෙසා Project Management Institute ලොව පුරා සෑම රටකම පාහේ ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටියි. ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කළමනාකරණ ක්ෂේත්‍රයේ විශිෂටයන් හදුනාගැනීම, රටේ සංවර්ධනයට දායකත්වය සපයන ව්‍යාපෘති කළමනාකරුවන්/ ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායම් සහ සංවිධාන ගෞරවයට පාත්‍ර කිරීම, ව්‍යාපෘති කළමනාකරණ සංකල්ප, ශිල්පීය ක්‍රම සහ න්‍යායන් ඉදිරියට ගෙන යන වෘත්තීයමය පුහුණුව නායකත්වය ජාත්‍යන්තර මට්ටම දක්වා ඉදිරියට ගෙනයාම ආදිය Project Management Institute Sri Lanka Chapter හි අභිප්‍රායයි.


මෙවර පැවැත්වෙන සමුළුව සදහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සහ වෘත්තියවේදීන් 500කට අධික පිරිසකගේ සහභාගිත්වය මෙවර අපේක්ෂා කෙරේ. “Navigating Complexity : Strategies for Successful Project Management” මෙවර සමුළුවේ තේමාවයි. සමුළුවේ ඉලක්කගත කණ්ඩායම වන්නේ පුද්ගලික සහ රාජ්ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, තොරතුරු තාක්ෂණ, ‌ඉදිකිරීම්, ව්‍යාපාර කාර්යාවලි, නිෂ්පාදන, ප්‍රවාහන හා සන්නිවේදන, ගිණුම්, මුල්‍ය හා රක්ෂණ, ජනසන්නිවේදන යන අංශවල සී මට්ටමේ (C Level) විධායක නිලධාරීන් සහ ව්‍යාපෘති කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධාරීන් ය. මෙම සමුළුවේදී ගෝලීය ව්‍යාපෘති කළමනාකරණ ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තීරණ ගන්නන් සහභාගි වීමට නියමිත අතර ඔවුන් සමග අත්දැකීම් බෙදාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. එමෙන්ම එම නියෝජිතයින් වෙත තම හැකියාවන් සහ වෘත්තිය නිපුණතා ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරන ආයතන හා සංවිධානවලට එය ඉතා ආකර්ශනීය මෙන්ම අගනා අවස්ථාවක් වනු නොඅනුමානය. ඔබගේ වටිනා අනුග්‍රාහකත්වය මගින් ඔබේ වෙළඳ නාම, ශ්‍රී ලංකාව සහ ආසියානු පැසිෆික් කලාපය පුරා පුළුල් පරාසයක සංවිධාන වෙත ළඟා කෙරෙන බවට Project Management Institute Sri Lanka Chapter සහතික වේ.
අවසන් වරට පැවැත්වූ National Project Management Excellence Awards- 2018 හිදී විශිෂ්ටයන් ගණනාවක් සම්මානයෙන් ඇගයිණි. මෙහිදී Organizational Transformation project using SAP ව්‍යාපෘතිය වෙනුවෙන් සියලු අංශවලින් විශිෂ්ටත්වයේ සම්මානයෙන් පිදුම් ලැබුවේ EB creasy & CW Makie සමූහ ව්‍යාපාරයයි. එමෙන්ම මෙම විශිෂ්ටතා සම්මාන උළෙලේදී Sri lanka Mobitel, Sampath Bank, Abans, CBL, Nations Trust, AAT Sri Lanka, Sitha FM යන ආයතන ද සාර්ථකව අවසන් කරන ලද සිය ව්‍යාපෘති වෙනුවෙන් සම්මානයට පාත්‍රවිය.


මෙවර පැවැත්වෙන National Project Management Excellence Awards- 2023 විශිෂ්ටතා සම්මාන උළෙලේ විශිෂ්ටයකු වීමට නම් මෙරට ලියාපදිංචි ඕනෑම ව්‍යාපෘති කළමනාකරණ සංවිධානයකට හෝ ආයතනයකට උදාහරණ ලෙස රජයේ ආයතනයක් හෝ නියෝජිතායතනයක්, ලාබ ලබන හෝ ලාබ නොලබන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධානවලට අයදුම් කළ හැකිය. අයදුම්පත් www.pmicolombo.org වෙතින් ලබාගැනීමේ පහසුකම සලසා තිබේ. ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම, අනුමත විෂය පථයක්, කාලරාමුවක්, අයවැයක් හා ඒවා සීමාවන් තුළ හේතුසහගත පරිදි ක්‍රියාත්මක කර තිබීම, ව්‍යාපෘති කළමනාකරු ඇතුළු කණ්ඩායමේ 50%ක් හෝ ශ්‍රී ලංකා සීමාව තුළ පිහිටා තිබීම, 2023 මාර්තු 31 වැනි දිනට සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති, නාමයෝජනා ලැබීමට පෙර අනුග්‍රාහක සේවාදායකයා හෝ ප්‍රතිලාභියා විසින් සම්පූර්ණ කරන ලද බව පිළිගෙන තිබීම, ශ්‍රී ලංකාවට සැළකිය යුතු හා පැහැදිලි ප්‍රතිලාභ ලැබිය යුතු වීම ආදි කරුණු සම්පූර්ණ කරන්නේ නම් එම ආයතනය, කණ්ඩායම හෝ ව්‍යාපෘති කළමනාකරු මෙම සම්මාන උළෙලේ ඇගයීම සදහා සුදුසුකම් ලබයි.


මෙහිදී විශේෂයෙන් සැළකිය යුතු අනෙක් කරුණ වන්නේ, වක්‍රව හෝ ඍජුව Project Management Institute හි පවතින කොන්ත්‍රාත් යටතේ පවතින ව්‍යාපෘති, වත්මන් PMICSL කමිටු සාමාජිකයන් හෝ ඊට ඉහළින් සිටින වත්මන් සාමාජිකයන්, NPME සම්මාන 2023 ක්‍රියාකාරි කමිටු සාමාජිකයන් මෙම සම්මාන උළෙල සදහා සුදුසුකම් නොලැබීමයි.


සම්මාන ප්‍රදානය කරනු ලබන ඛාණ්ඩ පහත දැක්වේ. මෙම ඛාණ්ඩ යටතේ ඔබ විසින් අවසන් කරන ලද ව්‍යාපෘති පවතී නම් සම්මාන අයදුම් කිරීම සදහා ඔබ සුදුසුකම් ලබයි.

• Best Managed Project in Construction / Infrastructure Development Sector
• Best Managed Project in Technology and IT Sector
• Best Managed Project in the Telecommunications Sector
• Best Managed Project in Banking and Financial Services Sector
• Best Managed Project in Insurance Sector
• Best Managed Project in Transportation and Logistics Sector
• Best Managed Project in Academic and/or Research Sector
• Best Managed Project in Retail Sector
• Best Managed Project in the Manufacturing Sector
• Best Managed Project in Agriculture and Livestock Development Sector
• Best Managed Project in Media and Advertising Sector
• Best Managed Project in Power and Energy Sector
• Best Managed Project in Corporate Social Responsibility
• Best Managed Project in Digital Transformation
• Best Managed Project in Robotics and Artificial Intelligence Development
• Best Managed Project with Green Outcomes
• Best Managed Project in Community Development
• Best Managed Government Project
• Best Managed Non-Governmental Project

සම්මාන සදහා නම් කරන ලද අයදුම්කරුවන් විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත් සෙසු ලේඛන ද සමග 2023 ජූලි 20 වැනි දිනට පෙර [email protected] විද්යුත් තැපැල් ලිපිනයට ලැබීමට සලස්වන්න. වැඩි විස්තර 0777 810899 යන දුරකතන අංකය ඔස්සේ ධම්මික අමතා හෝ [email protected] යන ඊමේල් ලිපිනය ඔස්සේ ලබාගත හැකිය.