චන්දනාලේප සිය ආයුර්වේද ළදරු නිෂ්පාදන පෙළ එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදකයා වන චන්දනාලේප සිය 30 වසරක ගමන් මගේ තවත් ජයග්‍රාහී පියවරක් තබමින් සිය ආයුර්වේද ළදරු නිෂ්පාදන පෙළ එළි දැක්වූයේය. ඒ වේයන්ගොඩ පිහිටි සංජීවක ආයුර්වේද නිෂ්පාදන පෞද්ගලික සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සම්භාවනීය අමුත්තන් රැසකගේ සහ ආයතන කළමනකාරිත්වයේ සහභාගිත්වයෙනි.


“විශ්වාසවන්ත බවේ, ගුණාත්මක බවේ සහ සුරක්ෂිත බවේ සංකලනයට කියන තවත් නමක් විදියට චන්දනාලේප හඳුන්වන්න පුළුවන්. අපේ නව ළදරු නිෂ්පාදන පෙළ හඳුන්වා දීමත් සමඟ අපේ නිෂ්පාදන තුළ වන ඒ ගුණාත්මක බව, විශ්වාසනීයත්වය සහ සුරක්ෂිත බව සෑම දෙමව්පියෙකු වෙතම වඩාත් හොඳින් සමීප කිරීමට හැකි වන බව අපි ආඩම්බරයෙන් කියන්න කැමතියි. අපි මේ නිෂ්පාදන පෙළ හඳුන්වා දෙන්නේ දශක තුනකට වැඩි කාලයක් මෙම ක්‍ෂේත්‍රය තුළ ලබා ගත් අත්දැකීම් සහ විෂය ප්‍රවීණයන්ගෙන් ලබා ගත් දැනුම ඔස්සේ ළදරු සත්කාරකත්වයේ ඉහළම ප්‍රමිතීන් ආරක්‍ෂා කරමින්. ඒ නිසාම චන්දනාලේප ළදරු නිෂ්පාදන පෙළ ඉදිරියේදී වෙළෙඳපොල තුළ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇති බව අපි විශ්වාස කරනවා.” යැයි සංජීවක ආයුර්වේද නිෂ්පාදන පෞද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්‍ෂ රංජිත් ප්‍රේමතිලක මහතා නව නිෂ්පාදන පෙළ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.


චන්දනාලේප ළදරු සත්කාරක නිෂ්පාදන ළදරු සබන්, ළදරු ආලේපන සහ ළදරු කොලෝන්වලින් සමන්විත වන අතර විශ්වාසනීය සහ ගුණාත්මක ආයුර්වේද සාරයන් එකිනෙකට සංයෝජනය කරමින් සිදු කරන ලද මෙම නිෂ්පාදන ළදරුවන්ගේ මනා සුවපහසුව සහ ආරක්‍ෂාව නියත වශයෙන්ම තහවුරු කරනු ඇත. කිරි හා මී පැණි සාරය මුසු සබන්, කොහොඹ හා වෙනිවැල් සාරය මුසු සබන් සහ රත්මල් හා පොකුරුවද සාරය මුසු සබන් වශයෙන් චන්දනාලේප ළදරු සබන් ප්‍රභේද කිහිපයක් නිෂ්පාදනය වෙයි. චන්දනාලේප ළදරු ආලේපනය කිරිවල සහ මී පැණිවල හොඳම සාරයෙන් නිෂ්පාදනය කර ඇති අතර ළදරු කොලෝන් සඳහා ස්වභාවික සඳුන් සාරය මුසු කර ඇත.


පූර්ණ වශයෙන්ම ශ්‍රී ලාංකික සාඩම්බර සන්නාමයක් ලෙසත් ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන වෙළෙඳපොලේ පුරෝගාමියෙකු ලෙසත් චන්දනාලේප මාපිය-දූදරු බැඳීමේ ඇති පිවිතුරු බවට නිර්න්තරයෙන්ම මුල්තැන ලබා දෙයි. ඒ නිසාම සියලුම චන්දනාලේප ළදරු නිෂ්පාදන එම බැඳීම තවත් ශක්තිමත් කරමින් දරුවාගේ රැකවරණය තහවුරු කිරීම පිළිබඳවත් උපරිමයෙන් සැළකිලිමත් වී ඇත.
ළදරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා ප්‍රමුඛත්වය දෙන චන්දනාලේප ළදරු නිෂ්පාදන පැරබන් සහ සල්ෆේට්වලින් තොරව නිෂ්පාදනය කර ඇති අතර සියලු නිශ්පාදන වල සුවඳ IRFA ප්‍රමිතීන්ට අනුව ළදරුවාට සුරක්ෂිත බවට තහවුරු කර ඇත. එසේම ISO 9001:2015, ISO 14001:2015 සහ ISO 22716 රූපලාවන්‍ය GMP සහතිකය මගින් චන්දනාලේප නිෂ්පාදන ක්‍රියාවලියේ ගුණාත්මක බව ද තහවුරු කර ඇත.
චන්දනාලේප සන්නාමයේ ඉතිහාසය 1948 තරම් ඈතකට ඇදෙන අතර එහි පුරෝගාමියා වූයේ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ආර්. පී. ඩී. ජයරත්න මහතාය. මෙරට ආයුර්වේද වෙළෙඳපොලේ පුරෝගාමියෙකු වන චන්දනාලේප මේ වන විට මෙරට ප්‍රමුඛතම රූපලාවන්‍ය සන්නාමය බවටත් විශාලතම ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදකයා බවටත් පත් වී ඇත. ඒ සම්ප්‍රදායයික දැනුම සහ නවීන තාක්‍ෂණය ඒකාබද්ධ කරමින් නවෝත්පාදන සිදු කිරීමට චන්දනාලේප විසින් දක්වන අසීමිත උනන්දුව නිසාය.
සිය නවෝත්පාදන හරහා සම්ප්‍රදායික දැනුමේ හර පද්ධතීන් මෙන්ම ගුණාත්මක භාවය සහ විශිෂ්ටත්වය සඳහා වන කැපවීම ද චන්දනාලේප නිරන්තරයෙන්ම ප්‍රදර්ශනය කරයි. චන්දනාලේප ළදරු නිෂ්පාදන පෙළ දෙමව්පියන් විසින් දරුවන් කෙරෙහි දක්වන දයාව හා ආදරය සමඟ බැඳුණු විශ්වාසවන්ත සහකරුවෙකු වනු ඇතැයි සහතික කළ හැකිය.