HSBC අනුග්‍රාහකත්වයෙන් පළමු Ceylon Literary & Art Festival මහනුවර සහ කොළඹ දී පවත්වයි

ලාංකේය සාහිත්‍ය කලාවේ හෙට දිනය ආලෝකවත් කිරීමේ අරමුණින් පවත්වනු ලබන පළමු Ceylon Literary & Art Festival, 2024 පෙබරවාරි 8 වන දින සිට 12 වන දින දක්වා ඓතිහාසික මහනුවර සහ කොළඹ නගරයන්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.


අතීත පුරාවෘත්ත රැසකට උරුමකම් කියන රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, විවිධ වූ අභියෝග රැසකට මුහුණදෙමින් ක්‍රම ක්‍රමයෙන් සාර්ථක අයුරින් ඉන් ධනාත්මක මාර්ගයට පිවිසෙමින් සිටී. එවන් අවස්ථාවක රටේ සාහිත්‍ය සහ කලා ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් ඇතිකිරීම මෙම වැඩසටහනේ අරමුණකි. මෙයට අමතරව මෙරට පොහොසත් සංස්කෘතික උරුමයන් සහ මනස්කාන්ත භූදර්ශන ප්‍රදර්ශනය කරමින් විදේශීය සංචාරකයින්, ආයෝජකයින් සහ නව හවුල්කරුවන් සඳහා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ තවත් එක්අරමුණක් වේ.


මෙහිදී HSBC හි ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සර්ජනර් මහතා ප්‍රකාශ කර සිටියේ, “Ceylon Literary & Art Festival හි අපේ මූලිකම අරමුණ අරමුණ අපගේ ගනුදෙනුකරුවන් හට සාහිත්‍ය, කලාව සහ සංස්කෘතිය යන ක්ෂේත්‍රවල ලොව විශිෂ්ටතම දේ සම්බන්ධයෙන් අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව ලබාදීම. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර බැංකුවක් විදිහට අපි ඔවුන්ට කීර්තිමත් ජාත්‍යන්තර මෙන්ම දේශිය ලේඛකයන්, කලාකරුවන් සහ චිත්‍රපට නිර්මාණකරුවන් සමඟ අන්තර් ක්‍රියාකාරී වැඩසටහන් රැසක් සංවිධානය කර කිබෙනවා. මීට අමතරව දේශීය නිර්මාණකරුවන් හට තම විශිෂ්ට නිර්මාණ මෙම උළෙලේදී ප්‍රදර්ශනය කරමින් ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දෑ‘ ලෝකයට ගෙනයාමට මෙම වැඩසටහන හරහා හැකිවෙනු ඇති බව අපේ බලාපොරොත්තුවයි.“


මෙම කලා ප්‍රදර්ශනයේ ආත්මය වන්නේ දේශීය මෙන්ම ජාත්‍යන්තර නිර්මාණකරුවන්, කලාකරුවන් සහ සිනමාකරුවන් ඇතුලු වෙනත් නිරමාණකරුවන්ගේ පුළුල් පරාසයක පැතිරුණු කුසලතාවයන් ප්‍රදර්ශනය කිරීමයි. ජාත්‍යන්තර තලයේ කීර්තාමත් කතුවරයෙකු වන අසශෝක්න්ෆෙරි, උළෙලේ ප්‍රධාන ආරාධිතයා වන අතර, ඔහුගේ ජාත්‍යන්තර අත්දැකීම් සහ ශ්‍රී ලාංකීය සාහිත්‍ය සහ සංස්කෘතිය සම්බන්ධයෙන් ඔහු සතු හැදෑරීම සුවිශේෂී අත්දැකීමක් ලබාදෙනු ඇත.
මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයෙහි අධ්‍යක්ෂ ඔර්ලන්ඩෝ එච්වර්ච්ස් මහතා, “මේ ලංකා සාහිත්‍ය සහ කලා උළෙල හරහා ලෝකයේ විශිෂ්ටතම ලේඛකයින් හමුවීමට අවස්ථාව ලබාදීම තුළින් තරුණ තරුණියන් ඇතුලු සමස්ත සමාජය තුළ සාහිත්‍ය කලාව කෙරෙහි ඇල්මක් ඇතිකරවීමට අපි බලාපොරොත්තු වෙනවා. එමගින් නැගීඑන කලාකරුවන් සහ නිර්මාණකරුවන් වෙත මෙම ක්ෂේත්‍රය වෙත ඇල්මක් ඇතිකරවීම වෙනුවෙන් නව අවකාශයක් වගේම ඔවුනගේ නිර්මාණ කාර්යයන් සඳහා තිරසාර පරිසරයක් සැකසීමටත් මෙය මහඟු අවස්ථාවක් වෙනවා. එය ශ්‍රී ලංකාවේ වගේම එක්සත් රාජධානියේ පුළුල් සාහිත්‍ය උරුමය සම්බන්ධයෙන් අවබෝධයක් වගේම නව උත්තේජනයක් ඇතිකිරීමත් අවස්ථාවක් සපයනවා.“


ඓතිහාසික මහනුවර නගරයේ පෙබරවාරි 8 සහ 9 වන දෙදින තුළ මෙම කලා උළෙල පවත්වනු ලබන අතර, පෙබරවාරි 10 සිට 12වන දින දක්වා කොළඹ නගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ. සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ විවධ මතයන් සහ දෘෂ්ටින් දරණ ප්‍රකට ජාත්‍යන්තර සාහිත්‍ය කරුවන් 22 නෙකු සහ දේශීය සාහිත්‍යකරුවන් 20 දෙනෙකු ඇතුලුව කතුවරුන් 42නෙකු මෙම අවස්ථාව සමඟ අත්වැල් බැඳගනී. මෙහිදී මහනුවර සංවිධානය වන කලා උළෙලේදී සාහිත්‍ය සැසි 11ක් පවත්වනු ලබන අතර, කොළඹදී සැසි 22ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


මෙම වැඩසටහනේ ඇති තවත් සුවිශේෂම අංගයක් වන්නේ ළමයින් වෙනුවෙන්ම පෙබරවාරි 10 සහ 11 යන දෙදින කොළඹ දී පවත්වන ළමා උත්සවය යි. මෙය Artika Bakshi සහ Neluka Silva විසින් මෙහෙයවනු ලබන අතර, එහිදී දරුවන් හට ආකර්ෂණීය වගේම ප්‍රබෝධමත් අත්දැකීමට ලබාදෙනු ඇත.


මෙයට අමතරව පෙබරවාරි 11වන ඉරිදා දින මෙම සාහිත්‍ය සැසිවලට අමතරව විවිධ කතුවරුන්ගේ සුවිශේෂ වගේම පුද්ගලික සාකච්ඡා පැවැත්වෙනු ඇත.
මහනුවර සහ කොළඹ ඇතුලු සියලුම කලා ලෝලීන් හට මෙම වැඩසටහන ඔසසේ ශිල්පීය පාගමන්, කලා සාකච්ඡා සහ වැඩමුලු සඳහා සහභාගි විය හැකි අතර, මෙහිදී සුවිශේෂ කෙටි චිත්‍රපට දෙකක් වන “Straight Line Crazy” සහ “Cassius X” ප්‍රදර්ශනය කෙරේ.
ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් සාහිත්‍ය කලා ක්ෂේත්‍රය වෙත ආකර්ශනය කරගනිමින්, ඔවුන් තුළ නිර්මාණාත්මක ප්‍රබෝධයක් ඇති කරවිම සහ නැගීඑන තරුණ කලාකරුවන් හට ඔවුනට සිය නිර්මාණාත්මක කාර්යයන් සම්බන්ධයෙන් අපේක්ෂා දල්වමින් මීළග පරිම්පරාව පෝෂණය කිරීම මෙම වැඩසටහනේ දැක්ම වේ. ඒ සඳහා මෙම වැඩසටහන මගින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රියාකාරි වැඩමුලු, සාකච්ඡා මණ්ඩප උපදේශන වැඩසටහන් ආදිය බෙහෙවින් ඉවහල් වනු ඇත.


මෙවැනි සුවිශේෂ කාර්යයක් කිරීම සඳහා හවුල්කරුවන්ගේ ශක්තිය අවැසිම ය. සාහිත්‍ය කලාවේ වර්ධනය වෙනුවෙන් සිය කැපවීම තහවුරු කමින් මෙම සාහිත්‍ය උළෙලට නව ජවයක් එක් කරමින් අපේ ප්‍රධාන හවුල්කරු වන HSBC ඉටුකරනු ලබන්නේ සුවිශේෂ ජාතික කාර්යයකි. මෙයට අමතරව අනෙකුත් හවුල්කරුවන් වන Mastercard, The British Council, සහ Goethe Institute ඔවුනගේ ඉහළම දායකත්වය සහ කැපවීම මෙම වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් ලබාදී ඇත. තවද මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වන්නන් වෙත ආකර්ෂණීය අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් කැපවෙන අපගේ අගන්තුක සත්කාරක හවුල්කරුවන් වන Galle Face Hotel සහ Suisse Hotel යන ආයතනයන් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. එමෙන්ම මෙහි නිල ලාංකීය තේ සන්නාමය වන Dilmah Tea, නිල ග්‍රන්ථ ප්‍රකාශකයා ලෙස සරසවි පොත්හල, නිල මාධ්‍ය සත්කාරකත්වය විජය පුවත්පත් සමාගම සහ නිල මහජන සම්බන්ධතා සහකරු ලෙස Hardtalk PR මෙම කාර්ය සමග අත්වැල් බැඳගැනීම සුවිශේෂී කර්යයකි. මේ සියලු බැඳීම් තුළින් සැවොම අපේක්ෂා කරනු ලබන්නේ ශක්තිමත් මෙන්ම නිර්මාණශීලි අනාගත පරපුරක් නිර්මාණකිරීම සහ ඒ වෙනුවෙන් අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමයි.
The Ceylon Literary & Art Festival හි අරමුණ වන්නේ සංවාද, සංස්කෘතික හුවමාරුව සහ කලාත්මක සහයෝගිතාවය වෙනුවෙන් ශක්තිමක් අවකාශයක් නිර්මාණය කිරීමයි. එය දේශීය මෙන්ම ජාත්‍යන්තර තලයේ ආරාධිතයන් සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලාංකිය සංස්කෘතියේ සහ කලාවේ පෝෂණය වෙනුවෙන් සිදුකරන්නා වු සුවිශේෂ මැදිහත් කාර්යයකි. ශ්‍රී ලංකාවේ සං ස්කෘතිය සහ නිර්මාණාත්මක ශක්තිය ලොවට විදහා දැක්වීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙම සුවිශේෂ කාර්යය සමඟ ඔබ සැම අත්වැල් බැඳගන්නා ලෙස අප මෙලෙස ඔබට ඇරයුම් කර සිටිමු.


වැඩි විස්තර සඳහා www.ceylonliteraryfestival.com යන වෙබ් අඩවියෙන් හෝ Instagram at @ceylonliteraryfestival සමඟ සම්බන්ධ වීමෙන් ලබාගත හැකිය.