බාල එන්නත් ගෙන්වා ඇති බවට චෝදනා මත ෆාමේස් පුද්ගලික සමාගමේ කටයුතු නවතයි

පිලිකා රෝගයට ඖෂධ එන්තත් ගෙන්වු ෆාමේස් පුද්ගලික සමාගමේ කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඊයේ (05) නවතා දමා තිබේ .

ප්‍රමිතියෙන් තොරවු ඖෂධ මෙරටට ගේනවීම , නියම කරනු ලබන ආකාරයට පටහැනිව ඖෂධයක් ලේබල් කිරීම කිරීම, අධිකාරියේ පියාපදිංචි නොකර ඖෂධයක් ආනයනය කිරීම, ලේබල් කිරීමට ආදාල ඖෂධ නියෝග උල්ලංගනය කිරීම සහ නියමිත ප්‍රමිතියට අනුකූල නොවන ලෙස සහ එකී ඖෂධයන් මහින් ඒවා භාවිතා කරන තැනැත්තන්ට බරපතල සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකි ආකාරයට ප්‍රමිතියෙන් තොරව ආනයනය කීරීම යන චෝදනා මත අදාල තීරණය ගෙන තිබේ .

මෙම ෆාමේස් පුද්ගලික සමාගමට අයත් ඖෂධ ගබඩාවක (Cefotaxime for injection USP 1g) නැමැති එන්නත් කුප්පි 20,000ක්  නියමිත ආකාරයට පටහැනිව ලේබල් කරමින් සිටියදි පසුගිය මාසයේ සොයා ගෙන තිබේ .

එමෙන්ම එම ඖෂධය ආනයන කර ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ බංගාදේශයේ Orian pharma Ltd සමාගමෙන් බව ද හෙළි වී තිබේ.

ඒ අනුව ෆාමේස් පුද්ගලික සමාගමට ලබා දී ඇති සියළුම බලපත්‍ර අහොසි කර ඇති අතර ලියා පදිංචි කිරීමේ සහතික අදාල බලධාරින්ට නැවත ලබා දෙන ලෙසටත් දැනුම් දී ඇති බව වාර්තා වෙයි .