AMW සමාගම ප්‍රථම වරට Castrol අලෙවි නියෝජිතයින් ඇගයුමකට ලක් කරමින් නව ක්‍රියාකාරී ‘CRB Multi’ ලිහිසි තෙල් මාදිලිය හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ බලයලත් එකම Castrol ලිහිසි තෙල් බෙදාහරින්නා වශයෙන් දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය තුළ දැවැන්තයෙකු ලෙස පිළිගැනීමට පාත්‍ර වී සිටින Associated Motorways (AMW) සමාගම, Castrol අලෙවි නියෝජිත ප්‍රජාව සඳහා ප්‍රථම වරට සුවිශේෂී ඇගයුම් සම්මාන උළෙලක් සමගින් සිය අලෙවි නියෝජිත හමුව පසුගියදා උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය. එහිදී ඩීසල් වාහන සඳහා භාවිතයට ගැනෙන නව ක්‍රියාකාරී ‘CRB Multi’ නැමති ලිහිසි තෙල් මාදිලිය වෙළඳපොළ වෙත හඳුන්වාදීමට පියවර ගැනීම මෙහි විශේෂතම අවස්ථාව විය.


මෙම අලෙවි නියෝජිත හමුව සඳහා රට පුරා විසිරී සිටින Castrol අලෙවි නියෝජිතයන් රැසක් සහභාගී විය. අලෙවි සහ බෙදාහැරීම් කටයුතු වලදී ඉලක්ක සපුරා ගැනීම සඳහා එම අලෙවි නියෝජිතයින් ලබාදුන් සුවිශේෂී දායකත්වය අගය කිරීමට සහ ඔවුන්ව හඳුනා ගැනීමට මෙම හමුව හරහා කදිම අවස්ථාවක් සලසා දෙනු ලැබිණි. පාරිභෝගිකභවතුන්ට සහ කර්මාන්තයට උසස් තත්ත්වයෙන් යුත් සේවාවක් ලබා දීමේ අරමුණ ඇතිව, Castrol නිෂ්පාදන තවදුරටත් ස්ථාපිත කිරීම සඳහා ඔවුන් මෙලෙස ඇගයීමට ලක් කරනු ලැබීය.
මෙහිදී ඉහළ සේවාවක් හා ඵලදායීතාවයක් ලබාදෙනු ලැබූ අලෙවි නියෝජිතයන් සඳහා සම්මාන සහ ඇගයීම් සහතික පත් ප්‍රධානය කෙරිණි. අලෙවි නියෝජිතයන්, AMW හා Castrol කාර්ය මණ්ඩලය, සහ මාධ්‍යවේදීන් ඇතුළු අමුත්තන් 250 කට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.


වෙළඳපොළ වෙත හඳුන්වාදෙනු ලැබූ නව ක්‍රියාකාරී CRB Multi 15W-40 CH-4 ලිහිසි තෙල් මාදිලිය පැමිණසිටි පිරිසගේ සුවිශේෂී අවධානයට ලක්විය. මෙම ලිහිසි තෙල් මාදිලිය ඩීසල් රථ වාහන සඳහා අද්විතීය වූ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි. Castrol CRB Multi යනු උත්පාදක (Generators) යන්ත්‍ර ඇතුළු මගී සේවාවන්, වාණිජ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ භාවිතයට ගැනෙන රථ වාහනවල ක්‍රියාකාරීත්වය සහ දිගු කාලීන පැවැත්ම තහවුරු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති සුවිශේෂී, අනර්ග එන්ජින් ඔයිල් මාදිලියකි. එහි පවතින බහුකාර්ය හැකියාවන් සමඟ, මෙම ලිහිසි තෙල් මාදිලිය කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයක් සහ දිගු කාලීන පැවැත්මක් සහතික කරනු ලබයි. තෙල් ඝණ වීම සහ තෙල් තැන්පත් වීම වළකාලමින්, තීරනාත්මක ලෙස එන්ජිමෙහි කොටස් ආරක්ෂා කරමින් ‘CRB Multi’, සක්‍රීයව එන්ජිම සුපිරිසුදුව පවත්වා ගෙන යාමට සහය ලබා දෙයි. තවද එන්ජිමෙහි තිරසර වූ ක්‍රියාකාරීත්වයට සහ දිගු කල් පැවැත්ම සඳහා විශ්වාසනීය ආරක්ෂාවක් සපයා දෙනු ලබයි.
‘CRB Multi’ හඳුන්වාදීම හරහා පාරිභෝගිකයින් හට වැඩි දියුණු කරන ලද ක්‍රියාකාරීත්වයක් සහ කාර්යක්ෂමතාවයක් ලබා දෙමින් ඔවුන් වෙත අති නවීන නිෂ්පාදන පිරිනැමීමේ AMW හි කැපවීම තවදුරටත් තහවුරු කරයි. ‘CRB Multi’ දැන් Castrol අලෙවි නියෝජිතයින් හරහා ලීටර් 1, ලීටර් 5 සහ ලීටර් 6 වශයෙන් ප්‍රවර්ධන පැකේජ ලෙස ලබා ගැනීමට හැකිය.
AMW හි සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ පීටර් මැකෙන්සි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”මෙම සුවිශේෂී අලෙවි නියෝජිත හමුව පැවැත්වීම පිළිබඳව සහ ඊට සත්කරත්වය ලබා දෙමින් නව ක්‍රියාකාරී ‘CRB Multi’ ලිහිසි තෙල් වෙළඳපොළට හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. මේ හරහා අපි අපගේ පාරිභෝගිකයන් වෙත නවීන විසඳුම් ලබා දීමට සහ ඔවුන්ට උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදන ලබා දීමට නිරන්තරයෙන් උත්සාහ කරනවා. Castrol අලෙවි නියෝජිත හමුව හරහා අපගේ හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කෙරෙන අතර අපගේ විශ්වාසවන්ත අලෙවි නියෝජිතයන් සමගින් එය සැමරීමට හැකිවීම සුවිශේෂී වූ අවස්ථාවක් කියා මා සිතනවා. ‘CRB Multi’ ඔයිල් හඳුන්වාදීම තුළින් අපගේ පාරිභෝගිකයින්ට උසස් කාර්යක්ෂමතාවයක් ලබා දෙන සහ මෝටර් රථ කර්මාන්තයේ පවතින අවශ්‍යතාවන් සපුරාලන නිෂ්පාදනයක් පිරිනැමීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා.”


මෝටර් රථ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ වසර 74 කට වැඩි වටිනා ඓතිහාසික උරුමයක් හිමි AMW සමාගම, Nissan, Suzuki, Renault, Yamaha සහ New Holland Tractors යන ලෝක ප්‍රකට රථ වාහන සන්නාම සඳහා බලයලත් නියෝජිතයන් වන අතර, AMW Capital Leasing & Finance යන අනුබද්ධ ආයතනය ද මෙම සමූහ ව්‍යාපාරයට අයත් වේ. ආරම්භයේ පටන්ම ප්‍රමුඛ පෙළේ කාර්මික ටයර් නිෂ්පාදකයෙකු සහ අපනයනකරුවෙකු ද වන AMW, මෑතකදී යතුරුපැදි හා ත්‍රීරෝද රථ ටයර් දේශීය වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන ඇත. තවද AMW යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හි Al Futtaim සමූහයේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි.


AMW 2002 වසරේ සිට දිවයින පුරා ශක්තිමත් අලෙවි නියෝජිත සබඳතාවයක් සහිත Castrol හි බලයලත් එකම නියෝජිතයා වන අතර සියලුම මාදිලියේ වාහන සඳහා Castrol ලිහිසි තෙල් සැපයුම පුළුල්ව සපයනු ලබයි. සිය පුළුල් අලෙවි නියෝජිත ජාලය සහ රටෙහි දීපව්‍යාප්තව පවත්වාගෙන යන ශක්තිමත් මෙහෙයුම් සබඳතා හරහා, AMW විසින් Castrol ලිහිසි තෙල් මෝටර් රථ, කාර්මික සහ සමුද්‍රීය යන ක්ෂේත්‍රවල ප්‍රබල සන්නාමයක් වශයෙන් ස්ථාපිත කර තිබීම විශේෂත්වයකි.


ලිහිසි තෙල් අංශයේ ප්‍රධාන කළමණාකරු, (BP Castrol), චරිත් පණ්ඩිතරත්න මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”Castrol අලෙවි නියෝජිත හමුවට සත්කාරකත්වය ලබා දීමට සහ අපගේ නවෝත්පාදනය වන ‘CRB Multi’ ලිහිසි තෙල් හඳුන්වා දීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. මෙම හමුව අපගේ Castrol අලෙවි නියෝජිතයන් සමඟ සම්බන්ධ වීමට සහ ඔවුන් සමග පවතින අපගේ හවුල්කාරීත්වය ශක්තිමත් කර ගැනීමට හැකිවූ වටිනා අවස්ථාවක් ලෙස සැලකීමට පුළුවන්. ‘CRB Multi’ ලිහිසි තෙල් හඳුන්වාදීම, අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් සඳහා කරන ලද අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සහ වෙළඳපොළේ පවතින ඉල්ලුම සපුරාලීම සඳහා අප සතු කැපවීම පෙන්නුම් කිරීමකි. මෙම ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ලිහිසි තෙල් මෝටර් රථ කර්මාන්තයේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරාලමින් වැඩිදියුණු කරන ලද ඵලදායීතාවයක්, දිගු කල් පැවැත්මක් සහ ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා දෙන බවට අපි හුදෙක් විශ්වාස කරනවා. අපගේ අලෙවි නියෝජිතයන් සමගින්, රිය ධාවනයේ විශිෂ්ටත්වය සහ උසස් මට්ටමේ ලිහිසි කිරීම් අවශ්‍යතාවයන් සඳහා විසඳුම් ලබාදෙමින් මෙම ගමන ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා.”


Castrol වර්තමානයේදී මෙන්ම අනාගතය සඳහාත් තිරසාරත්වය ගොඩනැගීම වෙනුවෙන් කැපවී ක්‍රියා කරයි. Castrol සතු උසස් මට්ටමේ ද්‍රව ඉංජිනේරු තාක්ෂණ හැකියාවන් සමගින්, සෑම වාහන එන්ජිමක්ම උපරිම කාර්යක්ෂමතාවයකින් මෙන්ම දිගු කාලීන හා අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සහිත එන්ජිමක් ප්‍රවර්ධනය කිරීම සහතික කරයි. ගෝලීය වශයෙන් 2030 වසර දක්වා දිවෙන නව තිරසර උපායමාර්ගික දැක්ම අනුව යමින් Castrol නව තාක්ෂණික දියුණුව හරහා කාබන් පරිමාණය සක්‍රීයව අවම කිරීමට පියවර ගනිමින් සිටියි.