ස්විස්ටෙක් ඇලුම්නියම් සමාගම දැවැන්ත ප්‍රජා සත්කාරයක් සිදුකරයි

ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක, මහේන්ද්‍ර ජයසේකර ඇතු`ඵ නිලධාරීන් විසින් පහළ දොම්පේ, කිඹුල්විලවත්ත මාර්ගය විවෘත කර ජනතා අයිතියට පත් කරමින්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් හා ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන නිපදවන ස්විස්ටෙක් ඇලුමිනියම් (Swisstek Aluminium) සමාගම පසුගියදා තවත් දැවැන්ත ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක් සම්පූර්ණ කළේය. එම ව්‍යාපෘතිය වූයේ සමාගමේ කර්මාන්තශාලාව පිහිටා ඇති පහළ දොම්පේ, කිඹුල්විලවත්ත මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කරමින් කාපට් අතුරන ලද ලද නවීන මාර්ගයක් ලෙස නැවත ජනතා අයිතියට පත් කිරීමයි. ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5.5 ක පිරිවැයක් දරන ලද අතර ඒ හරහා ප්‍රදේශවාසී දහස් ගණනකට සෙත සැලසීමට සමාගමට හැකි වී ඇත.

කිඹුල්විලවත්ත මාර්ගය ජනතා අයිතියට පැවරීමේ උත්සවය පසුගියදා පැවත්වුණු අතර ඒ සඳහා ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක, මහේන්ද්‍ර ජයසේකර, ප්‍රධාන විධායක නිලධාරී තරිඳු අතපත්තු, සාමාන්‍යාධිාකාරීවරුන් වන රොමේෂ් පෙරේරා සහ ප්‍රියන්ත ගම්මහේ, සමූහ මානව සම්පත් කළමනාකරු අතුල හේවාපතිරණ, ප්‍රදේශයේ ප්‍රජා නායකයින් හා රාජ්‍ය නිලධාරීන් ඇතු`ඵ විශාල පිරිසක් සහභාගී වූහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරිඳු අතපත්තු මහතා මෙසේ පැවසීය “දිවයිනේ කීර්තිමත්ම සමාගම් සමූහයක් වන ලංකා වෝල්ටයිල් සමූහයේ කොටසක් වශයෙක් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම හැමවිටම ප්‍රජාව වෙනුවෙන් අපේ යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කිරීමට උත්සුක වී තිබෙනවා. අපේ සමාගම ව්‍යාපාර කටයුතු මෙහෙයවන පරිසරයේ සිටින ප්‍රජාව අපේ ව්‍යාපාරය තුළ වැදගත් කොටසක්. යටිතල පහසුකම් නැංවීම එම ප්‍රජාව නැංවීම සඳහා අත්‍යවශ්‍යම සාධකයක් බව අපි හොඳින් දන්නවා. කිඹුල්විලවත්ත මාර්ගය පිළිසකර කර, කාපට් අතුරා නැවත ජනසතු කිරීම සැළකිය යුතු කාලයක් සහ පිරිවැයක් දැරීමට සිදු වූ කර්තව්‍යයක්. අපේ මෙහෙවරේ ප්‍රථිඵලයක් වශයෙන් ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අයුරු දැකීම සමාජය කේන්ද්‍රකරගත් ව්‍යාපාරයක් වශයෙන් අපට විශාල සතුටක්”

ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම ලංකාවෝල් ටයිල් සමාගමට අනුබද්ධිත වන අතර ලංකාවෝල් ටයිල් සමාගම ශ්‍රී ලංකාවේ කීර්තිමත් වැලිබල් වන් සමූහය යටතේ ක්‍රියාත්මක වේ. මෙරට ඇලුමිනියම් වෙළඳපොලේ ප්‍රමුඛයෙක් වන ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම උසස් තත්ත්වයේ නිෂ්පාදන, නව්‍යකරණය සහ විශිෂ්ටත්වය කෙරෙහි දක්වන දැඩි කැපවීම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත කීර්තියත් දිනා ඇත. ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම පව්ඩර් කෝටඩ් ඇලුමිනියම් සඳහා QUALICOAT’ Sea Side Certification ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය දිනා ඇති අතර මෙම සහතිකය දිනාගත් ශ්‍රී ලංකාවේ පළමු ඇලුමිනියම් නිෂ්පාදකයා වන්නේද ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමයි. ඊට අමතරව ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම ISO 9001:2015 සහ SLS 1410:2011 ප්‍රමිති සහතිකද ලබා ඇත.