VAT අදාල නැති අය එලියට. 50,000 ක ලැයිස්තුවක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපාර සහ පුද්ගල නාම 50,000කට අධික ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020 ජනවාරි 01 දින සිට එකතුකළ අගය මත බදු සඳහා වූ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරන ලද ව්‍යාපාර ලැයිස්තුවක් මෙහි අන්තර්ගත වේ.

මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, 2002 අංක 14 දරණ එකතුකළ අගය මත බදු පනතේ 16 වැනි වගන්තිය ප්‍රකාර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් එකතුකළ අගය මත බදු සඳහා වූ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරනු ලබන අවස්ථාවක, 73 වන වගන්තියේ විධිවිධාන වල කුමක් සඳහන් වූවද, එසේ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරනු ලැබූ තැනැත්තන්ගේ නම් සහ ලියාපදිංචි අංක දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරනු ලැබීය යුතු අතර, එසේ ප්‍රසිද්ධ කරනු ලැබූ ලැයිස්තුව, මාසිකව යාවත්කාලීන කරනු​​ ලැබීය යුතු බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අදාළ ලැයිස්තුව සඳහා පහතින් ප්‍රවේශ විය හැකිය.

2020.01.01 දින සිට එකතු කළ අගය මත බදු (VAT) ලියාපදිංචිය අක්‍රිය වන තැනැත්තන්ගේ ලැයිස්තුව