ඉදිරියේදී සීනි මිල වැඩිවීමේ ලකුණු

Sack with pure sugar on table

ලෝක වෙළඳපොළේ සීනි මිල ඉහළ යාම හේතුවෙන් මෙම මාසයේ අග භාගය වන විට මෙරට සීනි මිල ද ඉහළ යා හැකි බව වාර්තා වනවා.

මේ වන විට ලෝක වෙළඳපොලේ සීනි ටොන් එකක තොග මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 400 ක අගයකයි.

එය පසුගිය කාලයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 25ත්, 30ත් අතර අගය වැඩිවීමක් ලෙසයි දැක්වෙන්නේ.

ශීත ඍතුවේදී ආසියා සහ යුරෝපා කලාපයේ උක් සහ බීට් අනුසාරයෙන් නිෂ්පාදනය කෙරෙන සීනි තොග සීමිත වීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.